2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

අලුත් යෝජනාවට පෝරියල් එකක්

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 745

අලි පාටියෙ ඉහළ තැන්වල ඉන්න උදවිය රටට වෙනසක් පෙන්වන්න තීන්දු කරල.... ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී සමහර සුළු පක්ෂ අලි පාටි සන්ධානෙ ඇතුළට නොගන්න තීන්දුවක් අරන් කියලා තිරය පිටුපස කතාවක් යනවා....

මේ තීන්දුව නිසා ඊළඟ ඡන්දෙදි රිෂාඩ් උන්නැහේල හකීම් උන්නැහේලා විතරක් නෙවෙයි වතුකර සන්ධානෙ අයත් වෙන වෙනම සටනට ලෑස්ති කරන්න අලි පාටියෙ සමහරු දැනටමත් වැඩ පටන් අරන්ලු...

හැබැයි මේක උපක්‍රමයක් හැටියට පාවිච්චි කරලා මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සෙ එයාලා එක පොකුරට එකතු වෙන්න නියමිත බවයි තතු දත් අය කියන්නෙ.

මේ අනුව වතුකරේ මන්තිරිලා තුන් හතර දෙනෙක් ඉන්න පක්ෂයකට අලි පාටියෙ තීන්දුව දැනුම්දීම භාරවුණේ අලි පාටිය නියෝජනේ කරන උඩරට පළාතෙ මන්ත්‍රී කෙනෙකුටයි... උන්නැහේ හිටපු ඇමැති කෙනෙක්. ලොකු පවුලක පොරක්....

ඉතින් එයා ගිහිල්ලා හොඳ වෙලාවක් බලල සීරුමාරුවට වතුකරේ දිගා මන්ත්‍රීතුමා මුණගැහිලා තම පාටියෙ තීන්දුව දැනුම් දුන්නා.

ඡන්දෙත් පැරදිලා, පට්ටමුත් ගැලවිලා, තොණ්ඩත් බලවත් වෙලා, ප්‍රශ්න ගොඩක් මතුවෙලා තියෙද්දි අලි පාටියෙ මන්ත්‍රීතුමා කරපු මේ යෝජනාව අහපු දිගාට මල පැන්නලු. ඊට පස්සෙ පණිවිඩේ ගෙනිච්ච මන්ත්‍රී තැනට සැර නරක වචන වරුසාවකින් සංග්‍රහ කළාලු.

තමන්ට වතුකරේ තිබුණ ඡන්ද අඩුවෙන්න මේ කියන මන්ත්‍රී තැන ඇමැතිකම් කරද්දි ගත්තු තීන්දුවකුත් හේතුවුණා කියලා මතක් කරලා ලොකු පෝරියල් එකක් දාලා... අලුත් යෝජනාව අරන් ගිය මන්ත්‍රී තැන වැඩේ නවත්තලා හැරෙන තැපෑලෙන් ආපහු ඇවිත්ලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00