2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ණය පොල්ලක්

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 641

එක්තරා ප්‍රධාන පෙළේ පාටියක් ඡන්දෙට කරපු වියදම් පියවගන්න බැරැව ලොකු අමාරුවක වැටිලා ඉන්න බවයි ආරංචි....

අපට දැනගන්න තියෙන විදියට මෙහෙම ගෙවාගන්න බැරැව හිරවෙලා තියෙන මුදල රැපියල් ලස්ස දෙදාස් පන්සීයකට (මිලියන 250ට) කිට්ටුය කියලා කියවෙනවා...

ප්‍රචාරක වැඩ ස්ටේජ් වැඩ අර වැඩ - මේ වැඩ සඳහා ණයට කළ වියදම් සේරොටෝම පොල්ලක් වැටිලලු....

දැන් ණයකාරයො වගකිවයුත්තෝ හොයාගෙන එනවලු... ඒත් වගකිවයුත්තො ආ ගිය අතක් නැහැ කියල දැනගන්න තියෙනවා.

ඡන්දෙ ගැන ලොකු බලාපොරොත්තු තියාගත්ත සමහරු මේ පාටියට හුඟක් සල්ලි දුන්නත් එයින් කොටසක් වාෂ්ප කරලා කියලා ඇතැම් අය චෝදනා නගනවා....

කොහොම වුණත් ඡන්ද සටනෙ ආටෝපෙ වැඩි කරන්න ගිහිල්ලා මේ විදියට පාටියම අමාරැවෙ දැම්ම කියල දැන් ඒකෙ ඇතුල් කට්ටලේ අය ගෝරි පිට ගෝරිලු...