2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

නැගෙන හිරැට වැඳීම සහ බසින හිරුට පිටුපෑම

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 658

හිටපු ලොකු මහත්තයට උපහාර පිණිස උන්නැහේගෙ ගම් පළාත වන පුලතිසිපුරේ උපහාර උළෙලක් තිබුණා...

ඒක සංවිධානය කරලා තිබුණේ උන්නැහේගෙ පුලතිසිපුරේ හිතවතුන්....

අත පාටියෙ ලොක්කන්ටත් පුලතිසිපුරේ හා රජරට පළාතෙ අත පාටිය නියෝජනය කරන දියවන්නා කවුන්සිල් කස්ටියටත් මේකට ආරාධනා කරලා තිබ්බා....

ඉතින් නියමිත පරිදි ගිය සති අන්තයෙ මේ උත්සවය පැවැත්වුණා. හැබැයි වේදිකාවෙ වෙනදා ඉන්න අමුත්තො කවුරුවත් නැහැ. උන්නැහේ නායකත්වය දෙන අත පාටියෙ නියෝජනය කරන ආරාධිතයෝ අතරින් ආවෙ පාටියෙ ලොකු ලියන මහත්තයා වන දයාවට සිරියාවට බර මහත්තයා පමණයි.... රජරට දුමී විතරක් නෙවෙයි හිටපු ලොකු මහත්තයගෙ පුලතිසිපුර ලොකුම ගෝලයා වන ජයරත්නය වත් වේදිකාවෙ දැක්කෙ නැහැ. 2015 උන්නැහේ මහ පුටුවට ගේන්න සටන් කරපු පළාතෙ ප්‍රබලයෝ නැතත් වැඩේ කෙරුණා...

ඒක හමාරවුණාම තමන්ට පසුගිය කාලෙ උදව් පදව් කරපු සමීපතමයන්ට හිටපු ලොකු තැන රාත්‍රී භෝජනයක් සංවිධානෙ කළේ පුලතිසිපුරේ මලක නමක් තියෙන හෝටලේ...

අනේ ඒකටත් ඒ ආනිශංසයමයි. ලොක්කො කවුරැත් නැහැ... හිටියෙ ප්‍රාදේශීය කස්ටිය විතරලු... නැගෙන හිරැට වඳින්නත් බසින හිරැට පිටුපාන්නත් අපේ රටේ මිනිස්සු දක්ෂ බව මෙතෙන්දිත් කදිමට පෙනුණා.... ඒ වගේම තමන් නෙලාගන්නෙ තමන් වැපිරෑ දේය කියලා කියන අයත් හිටිය බව ආරංචියි....