2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

දෙවියන්ට දුක කියනවලු

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 768

ආණ්ඩුවෙ නීති අංසෙ ලොකු පුටුවක් දරන ටැලිෆෝන් කතාවක් නිසා දැන් වැඩ නැතුව උණුවතුරට වැටිලා ඉන්න නෝනා මහත්තයෙක් ඉන්නවා.

කාලයක් යහපාලන වැඩවලදී ලස්සෙට කොඩිය දාගෙන සිංහයෙක් වගේ නොයෙක් වික්‍රමයන් කරන්න බැහැලා වැඩකළ මේ නෝන මහත්තයා අලි පාටියෙ ඉහළ තැන්වලට හුඟක් කිට්ටුවන්ත නෝන කෙනෙක් කිව්වොත් වරදක් නැහැ.

ඒත් රස්සාවට තට්ටුවෙලා හොඳටම හිත නරක් වෙලා ඉන්න මෙතුමිය දැන් ඉතින් තමන්ගෙ පිහිටට ඉන්නෙ දෙවි දේවතාවුන් විතරයි කියලා හිතලා ඊයේ පෙරේදා විශාල විෂ්ණු දේව පූජාවක් කළේ කුරැණෑගල පැත්තෙ ප්‍රකට විෂ්ණු දේවාලෙකලු. තමන්ට මේ අපල උපද්‍රව කරන්නෙ විෂ්ණු දෙවියන් බවට ඇතිවුණ සැකයක් නිසා මෙතුමිය මෙහෙම කරන බවයි ආරංචි...

ඒ වගේම දැන් යහපාලනේ හමාරවෙලා තියෙන හින්ද වැටෙන්න තියෙන ලෙඩවලින් බේරෙන්නත් මේ පුදපූජාවලින් දේව පිහිට ප්‍රාර්ථනා කරන බවයි තතු දත් අය කියන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00