2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

අනේ සර්... මට ආණ්ඩුකාරකම දෙන්න...

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 856

උතුරෙ ජනතාව අතර තමන් හුඟක් ජනප්‍රියයි කියලා එයාම ප්‍රචාරය කරගන්න ළඟදි විශ්‍රාම ලැබූ ආරක්ෂක අංශෙ ලොක්කෙක් ඉන්නවලු....

එයා වව්නියා වන්නි පැත්තෙ සේවය කරද්දි ජනතාව අතර තරමක් නමක් දිනාගෙන හිටිය බව ඇත්තයි. ඒත් ඒක දේශපාලන හයියක් ලැබෙන වැඩක් නොවෙයි.

මෑතකදී සේවාවෙන් විශ්‍රාම ලත් හෙතෙම ගිය ඡන්දෙ කාලෙ එහේ ගිහිල්ලා බෙල්ල පිරෙන්න මල් මාලා දාගෙන මහ ඡන්ද රුස්වීම්වලටත් ගියාලු. තමන්ට දාස් ගණනින් සෙනඟ රැස් කරන්න පුළුවන් කියල &ටෝක් බෝක්* දැම්මට ඒ කිව්ව ඒවා එකක්වත් කෙරැණෙ නැතිලු.

නමුත් මාද්දිය කස්ටිය අල්ලං හරඹ කරන්න දන්න මුන්නැහේ මේ දවස්වල වන්නියට වෙලා පෙස්සමකට ජනතාවගෙන් අස්සන් එකතු කරන බවයි ආරංචි... ඒ පෙස්සමෙන් ඉල්ලන්න යන්නෙ තමන්ගෙ බන්දු මිත්‍ර ආදීන්ට ප්‍රිය මේ විශ්‍රාමික ආරක්ෂක ලොක්කා උතුරේ ආණ්ඩුකාර පුටුවෙ වාඩි කරන්න කියලලු....

ළඟදිම මේ පෙස්සම අස්සන් සහිතව රටේ ඉහළ පුටු දෙක දරන ලොකු මහත්තුරැ දෙන්නට භාරදෙන්නයි යන්නෙ... හැබැයි ඊට කලින් උතුරට ආණ්ඩුකාර උන්නැහේ කෙනෙක් එන්නත් පුළුවන් කියලයි තතු දත් අය නම් කියන්නෙ.