2017 මාර්තු 18 වන සෙනසුරාදා

නියම ඇක්ටිං

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 392

 

ආණ්ඩුවෙ ලොකුම ව්‍යාපෘතියකට එකඟවෙන්න බැහැ කියපු දේසපාලුතුමෙක් රටට පේන්න ලොකු සටනක් දියත් කරලා...

උද්ඝෝෂණ - සමුළු - සම්මන්ත්‍රණ - ලියුම් - කියුම් වැහි වැහැලා...

මහ මුහුද පේනමානේ තියන තමන්ගෙ ඇමැති අංසෙ ඉඳගෙනයි මේ සටන දෙන්නෙ... එළියට සටන නැගලා ගියාට ඇතුළෙ සටන වෙන එකක් කියල... පහුගිය දවස්වල කනින් කොණින් ආරංචියක් ගියා... බැලින්නම් බොලේ වැඩේ ඇත්ත වගෙයි... සටන්කාමී දේශපාලක තැනයි වැඩේ භාර ව්‍යාපාරික කස්ටියයි එක මේසෙ වාඩිවෙලා කැකිරි පලනවා... එයාගෙ සහෝදර කස්ටියත් අහල පහළ ඉන්නවා...

අද හෙට මේක දෙකෙන් එකක් වේවි... ඊටපස්සෙ ඔය සද්ද අඩුවෙලා යාවි. මොකද මම සටන අතට ගන්නෙ වෙන කෙනෙක් සටනට එන්න කලින්... හෙට අනිද්දට මම ටික දවසකට වාෂ්ප වෙනව සුමාන දෙකක් විතර. අපි ආයෙ එනකොට ඔය කෑගැහිල්ල කම්මුතුයි... ඔයාලා වැඩේ කරන්න... මේක රටට සල්ලි එන දෙයක් නොකරම බෑනේ... දේසපාලක තැන ජයග්‍රාහී ලීලාවෙන් කිව්වා...

ව්‍යාපාරික කස්ටිය හරි සතුටින් හම්බන්තොට පැත්තට ගියාලු නිවාඩුවක් ගත කරන්න කියලා.