2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

විෂ වූ කතාවක්

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 728

මහ පුටු ඡන්දෙට දවසකට කළින් මෛත්‍රී ආණ්ඩුවෙ ඇමැති සයිස් ලොක්කෙක්ගෙ කොළඹ 7 ගෙදර සාකච්ඡාවක් තිබ්බා...

මේ ඇමැති තැන ආණ්ඩුවෙ ලොකුම කටකාරයෙක් වගේම එක්තරා පතියෙක් හැටියට හඳුන්වපු කෙනෙක්....

උන්නැහේගෙම පරපුරේ තවත් කෙනෙකුත් එයා එක්කම දියවන්නා කවුන්සිලේ ඉන්නව.

ඉතින් මේ කස්ටිය තමන්ගෙ අමාත්‍යංශය මගින් ඡන්දෙ දවසෙ කරන්න යන ඔපරේෂන් එකක් ගැනයි කතා කළේ....

ඒක ඉතා රහසිගත කතාවක් කිව්වොත් වරදක් නැහැ.

මේ සාකච්ඡාවෙ කුමුදු මලක් වගේ නමක් තියෙන වෘත්තීය සංගම් ලොක්කෙකුත් හිටිය කියමුකො...

කොහොම හරි මේ වෘත්තීය සංගම් ලොක්කත් මේ පති තුමාගෙ වැඩවලට බැහැලම හිටිය පොරක්.... එදා ඉතා රහසිගත වැදගත් ඡන්ද මෙහෙයුම් ගැන මේ අය කතා කරගෙන යද්දි ඇමැතිතුමාගෙ පුත්‍ර රත්නය ඉතාමත් චතුර ලෙස තත්ත්වය විග්‍රහ කරමින් කතාවක් කරන්නට පටන් ගත්තා. ඒ කතාව සැර කතාවක් කියලා කිව්වොත් හරි....

මේ කතාව යද්දි අපි මුලින් කියපු වෘත්තීය සංගම් ලොක්ක තමන්ගෙ අතේ තිබුණ ජංගම දුරකතනය ඔබමින් ඉන්නවා ඇමැති තැන දුටුවා.... එයා එකපාරටම ඒ ගැන සැකකරලා දුරකතනය අතට අරන් පරීක්ෂා කරනකොට ඒකෙ ඇමැති පුත්‍රයගෙ කතාව පටිගත වී තිබුණ වග අහුවුණා...

ඒක දැනගත්ත විතරයි රුස්වීම නැවතුණා. වැඩේ පෝරියල් වුණා. කවුරු හරි කස්ටියක් මේ වෘත්තීය සංගම් ලොක්කට එතෙන්දීම හොඳට සැලකුවා කියලයි ආරංචි.

ඊට ටික වෙලාවකට පස්සේ ආරක්ෂක රථයකින් එයා ඉස්පිරිතාලෙ පැත්තට ගෙනිච්චලු...