2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

හැමෝම අහක බලනවලු

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 645

විශ්‍රාමගත් හිටපු ලොකු තැන නැවතත් දියවන්නා කවුන්සිලේට ගේන්න උත්සාහයක් දියත් වෙලා....

ඒ අනුව උන්නැහේගෙ කාලෙම ලැයිස්තුවෙන් කවුන්සිලේට පත්කරපු අයගෙන් කෙනෙකුට ඉවත්වෙන හැටියට නියම කළාලු. තමන්ට වඩාත් සමීපව හිටපු අයගෙන් දෙතුන් දෙනෙකුට මේ පිංකමට දායකවෙන්න කියලා කිව්වත් ඒ කවුරුවත් මේ ඉල්ලීම නොඇසූ කන්ව ඉන්න එකලු තියෙන ප්‍රශ්නය. මුලින්ම මේ යෝජනාව අනුව කතාකළේ බදුල්ලේ පෙරේරාටලු... ඒත් උන්නැහේ ඒකට සතුටක් පෙන්වලා නැහැ... ආණ්ඩුකාරකමක් යෝජනා කළත් ඒක සිද්ධ වුණෙත් නැහැ....

ඊළඟට මෛත්‍රීතුමා දෙපාරක්ම ලැයිස්තුවෙන් පත්කළ බණ්ඩාර උන්නැහේට ඉල්ලීම ලැබිලා.... ඒත් එයත් ඒකට සීතල ප්‍රතිචාරයක් දක්වලා නිකම් හිටියලු.

ඒ දෙකම හබක් වුණ තැන ජාතික ලැයිස්තුවේ ඉන්න ජයතිලකයක් බඳු පොරකට මේ ඉල්ලීම යොමුවුණා. එයත් ඒ ගැන නොකර සද්ද ඉන්න බවයි තතු දත් ආරංචි මාර්ග කියන්නෙ....

ඒ හින්දා කනස්සල්ලට පත්ව සිටින හිටපු ලොකු මහත්තයා අත පාටිය නගා සිටුවීම ගැන වැඩ කරන්නලු දැන් හදන්නෙ....