2017 මාර්තු 18 වන සෙනසුරාදා

වැඩේ හොඳයි - ගාණ සැරයි

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 278

 

ඌවෙ ඉඩං ඔප්පු උත්සවේ ජයටම තිබුණා. අසරණ අහිංසක ඔප්පු නැති විශාල පිරිසකට රටේ ලොකු මහත්තය අතින් ඔප්පුත් ලැබුණ. ඒත් ඒ වැඩේ අසීමිත උත්සවශ්‍රීයෙන් කරන්න දරපු උත්සාහය ගැන ලොකු මහත්තයගෙ විතරක් නෙවෙයි... එතන හිටපු අනෙක් පොඩි මහත්තුරුන්ගෙත් හිත්වල සතුටක් තිබු‍ණේ නැහැ කියලයි ආරංචි. ඒ ගැන පළාතෙ මැති ඇමැති කස්ටිය හොයලා බලනකොට වැඩේ සංවිධානෙ කරල තිබුණෙ පළාත් ආණ්ඩුවෙන් කියලා ආරංචි වුණා...

ඊටත් වඩා පුදුම ආරංචිය වුණේ සල්ලි හිඟේ නිසා පඩි ගෙවාගන්න සල්ලි අච්චු ගහන රටේ මේ උත්සවේට කෝටියකට චූට්ටක් අඩු මුදලක් විය පැහැදම් කිරීමලු. පළාත් ආණ්ඩුවෙ රත්තො ළඟදිම මහ ඇමැති තැනගෙන් මේ ගැන අහන්නලු යන්නෙ.