2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

රාජකීය දෛවඥයා දන්න රහස

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 1608

හිටපු ලොකු තැනට සේවය කළ රාජකීය දෛවඥයා දැන් දේශපාලන අනාවැකි කීම නවත්වල... ඒත් දිනපතා ඔහු හමුවී සේවය ලබාගන්න එන දෙස් විදෙස් විශාල පිරිසකට තමන්ගේ සේවය ලබාදෙනවා... නමුත් උන්නැහේ තමන්ගෙ පැරුණි දේශපාලන හිතමිතුරන් සමඟ තිබෙන පෞද්ගලික සම්බන්ධකම් හොඳින් පවත්වාගෙන යනවා... ඔහුගේ මේ දේශපාලන හිතමිතුරන් අතර ඉන්නේ පක්ෂ දෙකේම ඉහළම දේශපාලන තරු..

ඉතින් අපට ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවල හැටියට රාජකීය දෛවඥයා නැවත වරක් දේශපාලන කරළියට ගේන්න එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් උත්සාහ දරන බව කනින් කොනින් ඇහෙනවා..

මේ සඳහා උදේ දවල් රාත්‍රි තුන්වේලටම ඒ අය දෛවඥය අමතනවලු.. දේශපාලුතුමන්ල විතරක් නෙවෙයි උන්නැහේලගෙ පවුල්වල අය නෝන මහත්තුරු පවා කතා කරල කියනවලු අනාවැකියක් කියන්න කියලා... ඒක කළොත් ලැබෙන ප්‍රතිලාභ ගැනත් පුදුම හිතෙන කතා කියන බව ආරංචියි.. මේ හුඟදෙනෙක් දැනටත් නිලබල තියන අයලු... පරාජිත නොවන අය හිරැ වගේ බැබලෙන අය වගේම තවත් නොයෙක් අය මේ ඉල්ලීම් කරන බව අලිපාටිය පැත්තෙන් දැනගන්න තියනවා...

මේ අය කොහොම කිව්වත් දිනපතා ග්‍රහතරැ එක්ක ගනුදෙනු කරන දේව බැල්මෙන් වැඩකරන රාජකීය දෛවඥයා “මීක්* සද්දයක් නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න බවක් කියැවෙනව..

කොහොම නමුත් කවදාවත් තමන් සමඟ සිටි අය අමතක නොකරන හිටපු ලොකුතැනත් පසුගිය කාලෙ රාජකීය දෛවඥයගේ දුකසැප අහල බැලුවලු.. ඒවගේම පසුගියදාක මේ වගේ තමන්ට කරදර කරන්න ආපු දේශපාලු උන්නැහේ කෙනෙකුට රාජකීය දෛවඥයා කියල තියෙන්නෙ තමන් දන්න ගරැ කටයුතු ශිල්පයට මුදලින් ලංසු තියන්න සූදානම් නැති බවයි.

ලබන 16 දා මහ සටනින් ජයගන්නේ කවුරුන්දැයි ජ්‍යෙතිෂය අනුව පැහැදිලි වුවත් එය තමන්ගේ සිතේ පමණක් සැඟවී තිබෙන රහසක් යැයි ඔහු තමන්ගෙන් දේශපාලන අනාවැකි අහන හැමෝටම කියනවලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00