2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

නිශ්ශබ්දයිලු!

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 741

මුලදී හංසයට උනන්දුවෙන් බැහැලා වැඩකරපු තුන්හතර දෙනෙක් ඉතාම නිහඬ වෙලා කියලා ආරංචියක් යනවා.

එයින් එක්කෙනෙක් ඌව පැත්තෙ දෙන්නෙක් දකුණේ.. අනෙක් දෙන්න බස්නාහිර පළාතේ බවයි කාරණා කාරණා දන්න අය කියන්නෙ.. මෙයින් එක්කෙනෙකුට දකුණු පළාතෙ ප්‍රධාන නගරයක් කිට්ටුව තිබුණා රැලියකදී හූ සංග්‍රහයක් ලැබුණ වගත් ආරංචියි.

සමහරැ දැඩි නිහඬ පිළිවෙතක් ගෙනයන්නෙ පවුල්වලින් එල්ලවී තිබෙන බලපෑම නිසාලු.. තවත් එක් කෙනෙක් තනතුරක් ගැන විස්සෝපවෙලා ඉන්න බවයි කියනවා ඇහෙන්නෙ..

තවත් අලි පාටියේ ප්‍රබල චරිතයක් නිහඬව ඉන්නෙ උඩඉන්න දෙන්න තුන්දෙනා ගැනම අප්සෙට් එකේලු.

ඉස්සරහට මෙයාලා මොනවා කරන්න යනවද කියලා ආරංචියක් නැහැ.. ඒත් මේ අස්සෙ කනස්සල්ල නිසා සීන් එකෙන් පැත්තකට වෙලා හින්ද තරුණ පිරිස් වගේම වෙනත් පක්ෂවලින් ආපු අයත් සටනෙ බැටන් එක අතට අරන් පටන් අරන්ය කියලා කියැවෙනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00