2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

දේව මණ්ඩලෙන් අනාවැකියක්

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 1675

රජරට පළාතෙ එක්තරා දෛවඥයෙක් පසුගිය කෙම්මුර දවසක දේව මණ්ඩලේට රැස්වෙන්න ආරාධනාවක් කළාලු.

ඊටපස්සේ දේව මණ්ඩලේ ඉදිරියට ගිය උන්නැහේ දේව මණ්ඩලයෙන් ප්‍රශ්න මාලාවක් විමසුවලු. මේ සේරොම ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න බවයි ආරංචි..

ඔහු මේ සියලු ප්‍රශ්නවලින් විමසලා තිබෙන්නේ ඉදිරි මහපුටු සටන ගැනයි. ඔන්න ඒ පාර දේව ආරූඪයෙන් එයාට දෙවියන්ගේ සංඥා ලැබුණ බව එයා කියන්න පටන්ගත්තා. 

රජරට වගේම පුලතිසිපුරේ පැත්තෙ ඉන්න දෙපැත්තෙම දේශපාලන භවතුන් මේ දෛවඥයාගෙන් සාස්තර බලන නිසා දේව මණ්ඩල කතාව දැනගන්න හැන්දෑවට හොරෙන් හොරෙන් දෛවඥයා මුණගැහෙන්න ප්‍රධාන පක්ෂ දෙකේ තුන්දෙනෙක් වරින්වර ආවලු. අලි පාටියේ කට්ටිය තමයි මේ අනාවැකිය හරියට දැනගන්න උනන්දු වෙලා තියෙන්නේ. 

ඉතින් අපේ දෛවඥයා සුපුරැදු විදිහට තමන්ට දේව මණ්ඩලයෙන් ලැබුණය කියන වාර්තාව දේශපාලනඥයන්ගේ කනේ තිබ්බෙ මේක දේව රහසක් හැටියට රුකගන්න කියමින්...

කොහොමහරි දෛවඥයාගෙන් අනාවැකිය අසාගත්ත පුලතිසිපුරේ පැත්තෙ ඉන්න ගමක නමකින් හැඳින්වෙන දේශපාලනඥයාගෙ කටින් මේ අනාවැකිය ගැන තොරතුරැ එළියට ආවා කියමුකෝ.

උන්නැහේ ඒක තමන් නියෝජනේ කරන පක්ෂයේ ජනප්‍රිය යාළුවෙකුට කියන ගමන් සඳහන් කළේ &මචං ඔය දෛවඥයා මෙච්චර කල් කියපු දේවල්නම් මට හරි ගියා. ඒ හින්දා මට මේ පාර අතේ තියන තුට්ටු දෙක නිකම් නාස්ති කරගන්නෙ නැහැ. එයාලා දෙන දේකින් පුළුවන් දෙයක් කරනවා මිසක්.. කියලයි.

ඒ කතාව අහගත්ත අනිත් දේශපාලනඥයා.. දැන් මේ කතාවෙ ඇත්ත නැත්ත දැනගන්න දෛවඥයා හම්බුවෙන්න යන්නලු හදන්නේ.