2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ඉල්ලගන්න තෑගි

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 591

එක්තරා ඇමැති සයිස් මහත්තයෙක් තමන් විසින් පසුගිය කාලේ රස්සා දුන්න පිරිස් තමන්ගේ කන්තෝරුවට කැඳෙව්වා.

මේ රැස්වීමට උන්නැහේගෙන් රස්සා ලබාගත් 100ක් විතර ඇවිල්ලා හිටියේ කළගුණ සලකන්න ඕන නිසා. ඔය විදිහට ඇවිත් හිටපු අයගෙන් බොහෝදෙනෙක් ඇමැති තැනගේ කරැණාවෙන් කම්කරැ - කා.කා.ස හා කනිෂ්ඨ ලිපිකරු රස්සාවල් ගන්න අයලු.
ඉතින් පැමිණ සිටි අය සතුටින් පිළිගත් ඇමැති තැන මෙහෙම කතාවක් කළා..

අපි තමුන්නාන්සේලාට අපේ යුතුකම ඉටුකළා. දැන් තමුන්නාන්සේලත් ඔබලාගේ යුතුකම ඉටු කරන්න. අපිට දැන් ඡන්දෙට හුඟක් වියදම්. සල්ලි අමාරුයි. එහෙම කියලා තමන්ගේ බැරි අමාරැකම ගැන කියනකොට පැමිණ සිටි අය ඇහුවා අපෙන් මොනවද කෙරෙන්න ඕන කියලා... ඒ ප්‍රශ්නයෙන් සතුටට පතුවූ ඇමැතිතැන මෙහෙම කිව්වා.

මෙහෙමයි... අපේ අරමුදලට එක්කෙනෙක්ගෙන් රැපියල් විසිපන්දාහක්වත් අපි බලාපොරොත්තු වෙනවා. ඒක මුදලින් දෙනවානන් සතුටුයි. මොකද මේ විදිහෙ ඉල්ලීමක් අපි කරන්නේ අවුරැදු පහකට වරක්නේ.... කියමින් ඇමැති තැන කතාව නවත්තලා අසුන්ගන්න ගමන් කිව්ව ඔය එක රුකියා ලාභියෙක් අඩුම ගණනේ ඡන්ද පහක්වත් අපට හරවලා දෙන්න කියලත්...

කොහොමහරි ඔහොම කතාව ඉවර කළා. ඊටපස්සේ මුදල් පරිත්‍යාග කරන අයගේ ලැයිස්තුවක් හැදුවා. ඒකට හැමෝම නම ගම ලිව්වා. මුදල් දෙන දිනයත් කිව්වා... ඒත් ඒ දවසට මුදල් දුන්නෙ තුන්හතර දෙනාලු.

ඒ ගැන කලකිරුණු වීරයෙක් වගේ ඉන්න ඇමැති තැනට මල පැනලා ඉන්න බව අපට ආරංචි වෙන්නේ නාරාහේන්පිට තියන ඇමැති කන්තෝරුවෙන්.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00