2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

හුඟදෙනෙක් කතා නැතිලු

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 625

අත පාටියට බූදල් කියන්න එන මැඩම් පහුගිය ටිකේ ඒරොප්පේ ඉඳන් එක එක නොම්බර වලින් එයාගේ ගෝලබාලයන්ට කෝල් ගහනවලු. ගම්පහ, අනුරාධපුර, කළුතර, කුරුණෑගල වගේ පැතිවල අයට වැඩියිලු. කතාකරලා අහන්නේ ඔයාලා ඇයි මේ වටිනා පක්ෂය විනාස කරන්න උදව් කළේ කියලලු. ඊටපස්සේ කියනවලු. මම ලංකාවට එනවා ආපුවම ඔයාලා ලෑස්ති වෙන්න මා එක්ක වැඩ කරන්න කියලා.

ඒ කියන ගොඩක් අය නෙමෙයිලු උත්තරයක් දෙන්නේ. නෝනට යකා නගිනවලු. දඩස් ගාලා තියනවලු. ඒ කියන්නේ ඒ අය එන්නේ නෑ කියලලු නොකියා කියන්නේ. අන්තිමට එයාට ඉතුරු වුණේ කළු ගං කුමාරයලු. කළු ගං කුමාරයාට දැන් තනතුරකුත් දීලලු. ඒ මහ ලේකම්කම. හැබැයි මේ ඔක්කොම කටින් හදාගත්ත තනතුරු විතරලු. රටේ ලොකු තැන නම් කිසිම විදිහකට පක්ෂය නෝනට දෙන්නේ නෑ කියලා තීරණය කරලලු තියෙන්නේ. ඒ හින්දා නෝනා ලංකාවට එන ගමනත් කල්දාලා බවයි ආරංචි.