2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

හූ වට හේතුව!

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 1076

විපක්ෂය එක්ක සන්ධාන ගහල දැන් පොහොට්ටු වේදිකාවට ගොඩවන අතපාටියේ දියවන්නා මහත්වරැන්ට පොහොට්ටුවෙ ලොකු ලොක්කන්ගෙන් හොඳ සැලකිල්ලක් ලැබෙනව..

විශේෂයෙන් පසුගිය කාලෙ අතපාටියෙ ඇතුළෙ ඉඳන් පොහොට්ටුවට යන්න සටන් කරපු අයට ලොකු තත්ත්වයක් හිමිවෙලා කියලා ආරංචියි...

හැබැයි පසුගියදා පොහොට්ටු රැස්වීම් ගණනාවක වේදිකාවට නැග්ග අන්තිම මොහොත දක්වා අතපාටියෙ ඉඳල කැබිනට් පට්ටම් දැරූ අයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණෙ හූ සංග්‍රහයක්ලු.

යටියන්තොටදී සියඹලත් අරන් වේදිකාවට නැග්ග උන්නැහේ කෙනෙකුට තමයි මේ විදියට හොඳම හූ සංග්‍රහය ලැබිලා තියෙන්නෙ. ඒ තරම් ලොකුවටම නැතත් අනුරාධපුරේ කඩවත ඇහැලියගොඩ වගේ තැන්වලදීත් තරමකට මේ දේ සිද්ධ වෙලා.
පසුගියදා ඇහැලියගොඩ වේදිකාවට නැග්ග මිනිපුරේ සෙනෙවිතුමාට මේ විදියෙ සද්ද බද්ද දානකොට උන්නැහෙ හිතවතුන් එතැන හිටපු අයට මතක් කළේ අතපාටිය ඇතුළෙ ඉඳගෙන මුලින්ම ගෝඨා අපේක්ෂකයා වෙන්න ඕන කියන කතාව කිව්වෙ සෙනෙවිතුමා බවයි. ඒ එක්කම නැග ගෙන ආ ඝෝෂාව තරමකට සන්සුන් වුණාලු.

කොහොම නමුත් පොහොට්ටු රුස්වීම්වලදී අතපාටියේ සමහරැන්ට විරැද්ධව මේ විදියට ගෝෂා කරන්නෙ කව්ද ඒක පිටිපස්සෙ ඉන්නෙ කව්ද කියල සොයාගන්න දැන් වෙනම කණ්ඩායමක් පත්කරලලු. ඒ අය දැන් තමන්ගෙ රාජකාරිය පටන් අරන් කියලත් ආරංචියි. ඒ අතරෙ තවත් පිරිසක් හූවට හූවකින්ම සංග්‍රහ කරන්නත් ලෑස්ති වෙන බව ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00