2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

අභියෝගය

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 797

මාලිමාවෙන් හරි දිශාව හොයන් යන සහෝදරයන්ට දැන් ලොකුම අභියෝගය වෙලා ඉන්නේ අලුත් ජනරාල් තැනලු. ගන්න ගන්න වාර්තා අනුව මාලිමාවට උඩින් යන්න හදන්නෙ මේ ජනරාල් මහත්තයලු. වැඩේ ටිකක් අවුල් සහගත නිසා සහෝදරවරු ජනරාල්ව තැනව තමන්ගේ පැත්තට ගන්න මාර හටනක් දෙනවා කියලයි ආරංචිය.

මේක දන්න ජනරාල් තැනගේ ඈයොත් වැඩේ ටිකක් ඩිමාන්ඩ් කරනවලු. එයාලා කියන්නේ ඊළඟ පාර එයාලගේ සැට් එකක් මැතිසබේට යවනවා කියලා. එහෙම වුණොත් නම් සහෝදරවරැන්ට ප්‍රශ්නයක් වෙයි කියලා එයාලම අනාවැකි පලකරලලු තියෙන්නේ.

බැරිම තැන දැන් සහෝදරවරැ හදන්නේ මැතිසබේ තරගයටවත් එකට යමුද මෙයා කියලා අහන්නලු.