2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

අතට ගේමක්

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 611

අත පක්ෂය අතට ගන්න හදන මැඩම් ඒකට අතින් පොහොට්ටුවට ගිය ගොඩක් දෙනෙක්ට කතා කළාලු. ඒත් කිසිකෙනෙක් නෑලු තවම උත්තර.

මැඩම් හදන්නේ අතේ කට්ටිය එකතු කරලා පක්ෂයක් හදනවා වෙනුවට මහතැන විශ්‍රාම ගියායින් පස්සේ මේක එයාගේ නමට ලියාගන්නලු. මේකට මැඩම් වැඩපිළිවෙළ හදලලු තියෙන්නේ. මැද සභාවේ කට්ටිය අල්ලන් එයාලට කියලා කියවන්නලු යන්නේ අපේ මැඩම් අපිට ඕනේ කියලා. කළුගම් කුමාරයට කියලලු ඔයා තමයි ඉතිං ලේකම් කියලා. දැන් මේ දෙන්නා යමරෙට වැඩලු.

මේ අය කරන්න යන්නේ අත ලකුණින් රටේම පෝස්ටර් ගහන්නලු යන්නේ පුංචි දාසට අපේ අත කියලා. එහෙම කරලා තැන් තැන්වල මීටින්වලට පුංචි දාසගේ අත් පටලන් නගින්නලු යන්නේ. මේ වැඩේට පොහොට්ටුවට ගිය ගම්පහ පැත්තේ කෙනෙක් ලාවට ලාවට සපෝට්ලු.