2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

එයා එන්න අහනවා මෙයාලා එපා කියනවා!

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 1768

හිටපු ලොකු තැන මේ දවස්වල සමහරුන්ගෙ දුරකතන ඇමතුම්වලට උත්තර දෙන්න යන්නෙ නැතිලු...

මේකට හේතුව උන්නැහේල තමන්ගෙ පක්ෂ සන්ධායට සම්බන්ධ කරගන්න අකමැති ආණ්ඩුවෙ ඇමැති සයිස් එක්කෙනකුගෙන් දුරකතන ඇමතුම් ගලාගෙන ඒම කියලයි ආරංචි....

හිටපු ලොකුතැනට වගේම උන්නැහේ වෙනුවෙන් පොහොට්ටුව නිර්මාණය කළ මහත්තයටත් මෙයාගෙන් ඇමතුම් එන්න පටන් අරන්....

රජයේ ඇමැති සයිස් කෙනා මේ ඇමතුම් දිදී කියන්න තමන් විපක්ෂයට එන්න කැමැති බවයි. ඒත් පසුගිය කාලෙ පුරාම විපක්ෂය දැවැන්ත ලෙස පහරදුන් මෙයා ගත්තොත් විපක්ෂයට අබසරණයි කියල එතන ඉන්න හුඟදෙනෙක් කියන නිසා එයාගෙ ඇමතුම්වලට උත්තර නොදී සිටීමලු මේ දවස්වල සිද්ධ වෙන්නෙ.