2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

අලුත් ගමනක්!

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 848

බලවත් දේශපාලන පවුලක තරුණ පුත්‍රයකුට රටේ ලොකු තනතුරක ඉන්න තමන්ගෙ පියා වහාම ගමට යන්න කියල අණ දුන්නලු....

දැන් කොළඹට ගාල්වෙලා හිටපු කාලෙ ඇති ඒ නිසා ගමට ගිහිල්ලා ගම සංවිධානය කරන්න කියලයි එයාට ගමට යන්න කියලා බලවත් පියා උපදෙස් දුන්නෙ...

ඒ අනුව මෙතෙක් කල් කොළඹ පැත්තෙ හිටපු මේ බලවත් පවුලෙ පුත්‍රය දැන් ගමට ගිහිල්ල පුංචි රුස්වීම් තබමින් නොයෙක් දේශපාලන වැඩකරන්න පටන් අරන්ලු.

ඒත් තවමත් එයාගෙ පියාගෙන් තරැණ පුත්‍රයට ඡන්දය ඉල්ලන්න වරමක් හෝ ආසනයක් ලැබිලා නැහැ... 

කොහොම නමුත් ජනාධිපතිවරණයෙන් පසුව මේ නායකයා අරඹන්න යනවය කියන අලුත් ගමනක් සඳහා පාරකැපීමලු දැන් සිදුවන්නෙ...

ඒත් ඒ ගමන කුමක්ද කියල තීන්දු කරන්නෙ ඉදිරියේ එළඹෙන සුබ නැකතකින් පස්සෙ බවයි ආරංචි.