2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ලැබෙන්න යන පට්ටම

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 624

ලබන මහ පුටු ඡන්දෙන් පස්සෙ රටේ මහ තනතුරු ගණනාවක් වෙනස් වෙන්න නියමිතයි. දැන් රටේ ඉන්න ලොකුම ලොකු මහත්තයා සටනට නොඑන නිසා අලුත් කෙනෙක් ඒ පුටුවට එන්න ඕන....

එහෙම ආවම දැන් ඉන්න ලොකු මහත්තය සහ ඔහුගේ කස්ටියට මොකද වෙන්න කියන එක ගැන සමහරැ දැන් ප්‍රශ්න කරන්න පටන් අරන්...

ඔය ගැන රටේ මහ මන්දිරේ ඇතුළෙත් නොයෙක් නොයෙක් කතා සිද්ධ වෙනවලු. මේ පට්ටම් සංක්‍රාන්තියෙන් පස්සෙ සිද්ධ වෙන්න යන දේ ගැන ඔය කතාබහට සවන් දුන් අය තොරතුරු ගණනාවක් අහුලගත්ත. ඒ තොරතුරුවල හැටියට රටේ ඉහළම තනතුර දරන ලොකු මහත්තය රටේ වැදගත් දේශපාලන තනතුරකට පත්වීමට නියමිතලු....

ඒ තනතුර පුලතිසිපුරේට වගේම මහවැලියටත් සම්බන්ධ ලොකු පට්ටමක් කියලයි තතු දත් අය කියන්නෙ.

ඒ සඳහා දැනටමත් පිඹුරුපත් සකසල අවශ්‍ය අය සමඟ සාකච්ඡා කරලත් හමාර බවයි මහ මන්දිරේ පැත්තෙන් දැනගන්න තියෙන්නෙ.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00