2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ඉල්ලන් කෑම

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 981

නෙළුම් කුලුනෙ කෝටි 200ක් අතුරුදන් වීමේ කතාව රටේ ලොකු මහත්තයට දන්වපු නිලධාරියව ජනාධිපති මැදුරෙදි කෝපාවිෂ්ඨ දෝෂාරෝපණයකට ලක්වුණේ දියවන්නා කවුන්සිල් මැම්බර් කෙනෙක් හැටියට ඉන්න එයාගේ සහෝදරයා ඉස්සරහමයි.

කොහොමහරි බැණුම් අහපු නිලධාරියා ඊටපස්සෙත් වාර ගණනාවක් නොයෙක් හේතු කාරණාවලට තදින් බැණුම් අහපු බව අපට ආරංචියි...

ඊටපස්සේ මෙයාට මේවා අහලම ඇතිවෙලා. තමන්ගේ සමීපතම සගයො කස්ටියකුත් උසස් නිලධාරි පිරිසකුත් ඉස්සරහා මේ කෝටි 200 කතාව ගැන අලුත් හෙළිදරව්වක් කළා කියලා ආරංචියි.. ඒකෙන් කියැවුණේ කෝටි 200 කතාව සොයාගෙන තමන්ට කිව්වේ ඔය ලේකම් කාර්යාලෙ ඉහළම ලේකම් පුටුවෙ මීට ටික කලකට පෙර වාඩි වෙලා හිටපු මහත්තයලු. එයා ඒ කාලේ රටේ ලොකු මහත්තයටත් කිට්ටුවෙන්ම ඉඳලා පස්සේ කාලේ ඇතිවූ ප්‍රශ්නයක් නිසා තනතුරින් අස් වෙලා දැන් විදේශ ගතවෙලා ලොකු රස්සාවක ඉන්න පරිපාලන ලොක්කෙක්ලු.

කොහොමහරි එයාගේ කතාව ලොකු මහත්තයට කියලා තමන්ට ඉල්ලන් කන්න වූ බවයි ජය - තිලකයක් වගේ ඉන්න මේ නිලධාරියා කියලා තියෙන්නේ.