2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ඇප බැඳිල්ල

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 605

අත පාටියයි පොහොට්ටුවයි අතරේ සාකච්ඡා යන අතරතුර පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨා වෙනුවෙන් ඇප තැන්පත් කිරීමේ පුවත දැනගත්ත ගමන් ඒක රටේ ලොකු මහත්තයාටත් වාර්තා වුණා...

කතාව දැනගත්ත ගමන් අත පාටියේ ලොකු මහත්තයට හරියට කේන්ති ගිහින්... ඊළඟට උන්නැහේ තමන් හමුවට කැඳෙව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජනතා නිදහස් සන්ධානෙයි ප්‍රබල චරිත.

ඒගොල්ලො ඉස්සරහදි ලොකු තැන පොහොට්ටුව කරපු වැඩේ දැඩිව විවේචනය කළා.. ඊටපස්සේ සන්ධානේ ලොකු ලේකම්කම කොරන තංගල්ලේ අමරවීර උන්නැහේට කතා කරලා උපදෙසක් දුන්නලු. එයාලට එහෙම කරන්න පුළුවන්නම් අපිටත් ඒකට ප්‍රතිචාර විදිහට මොනවාහරි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා සන්ථාන මහ ලේකම් හැටියට අමරෙත් ගිහිල්ලා වහාම ඇප බඳින්න එ.ජා.නි.සයෙන් අපිට පුළුවන්නේ ඕනනම් බුලත් කොලෙන් වුණත් ඉල්ලන්න. ඒ හින්දා අමරවීරත් ගිහිල්ලා නියමිත ඇප මුදල තැන්පත් කරන්න එයාලා එහෙම එනවනම් අපිටත් බැරිය කවුරු හරි දාන්න... ලොකු මහත්තයා තදින්ම කියාගෙන කියාගෙන ගියා.....

ඒත් එකපාරටම ඒ වැඩේ කරන්න හොඳ නැති බව කියමින් අමරවීර උන්නැහේ ලොකු මහත්තයාගේ සිත නිවන්න සෑහෙන වෙලාවක් ගතකළා. ඊටපස්සේ හරි අපි බලමු කියපු ලොකු මහත්තයා හමුව ඉවර කරලා නැගිට්ටා.