2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

වැඩේ හබක්

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 1058

උතුරෙන් දියවන්නාවට ආපු ජනාධිපති නීතිඥ මට්ටමේ කවුන්සිල් මැම්බර් උන්නැහේ කෙනෙක්ට රටේ ඉහළම මන්දිරේකින් ඇමතුමක් ආවෙ ඇවිල්ල හමුවෙන්න කියලලු.... එනකොට ව්‍යවස්ථා පොතත් ගේන්න කියලම මතක් කරල තිබුණ. මේ කවුන්සිලේ මැම්බර් උන්නැහේ ආණ්ඩු පක්ෂයෙ නෙවෙයි විපක්ෂයෙ එක්තරා පුංචි පක්ෂයකට සම්බන්ධ කෙනෙක්.

ඉතින් උන්නැහේ ආවම මන්දිරේ ඉන්න ඉහළ බලවතා ඇහුවෙ එන්න නියමිත එක්තරා කතිර යුද්ධයක් තවත් ඈතට තල්ලු කරන්න ක්‍රමයක් තිබෙනවද කියලලු. ඒත් ඒ ප්‍රශ්නයට සවන් දුන්න ගමන් නීතිඥ මන්තිරි තැන ඒකට නම් ඉඩ නැහැ...කලින් ඒ ගැන උසාවි තින්දුවකුත් තියෙනවනේ....කියල උත්තර දුන්න. එහෙම උත්තර දෙන ගමන් ඇහුව ඇයි මේක කල් දාන්න ට්‍රයි කරන්නෙ කියලත්. එතකොට මන්දිරේ ලොක්ක කිව්ව... කෝ ගිය අවුරුදු හතරෙ මට අලි පාටියෙ ලොක්කො රටට කිසිම වැඩක් කරන්න දුන්නයැ.... ඒ හින්ද ඉතුරැ කාලෙදිවත් වැඩක් කරන්නයි මේක කරන්නෙ කියල.... එතකොට නීතිඥ මන්තිරි තැන කීවෙ &අලි පාටියෙ අය නම් කියන්නෙ ඔබතුමා එයාලට වැඩ කරන්න දුන්නෙ නැහැ කියලයි. එහෙම කිව්ව හා... හා... දැන් ඒව කතා කළා ඇති ඒව කතා කළා ඇති... දැන් නහය ළඟටම එරිලයි ඉන්නෙ... කියමින් බලවතා කතාව හමාර කළා...

ඊට පස්සෙ අලුත්කඩේ පැත්තෙ ඉන්න තවත් බලවත් චරිත දෙක තුනකිනුත් මේ කල් දැමීම ගැන විමසුවම ලැබුණ ප්‍රතිචාර එකක්වත් සුබදායක වුණේ නැහැ.

ඊට පස්සෙ ඒ අදහස අත්හැරපු මහ මන්දිරේ බලවතා දැන් හතරවටේ ඉන්න අයට තමන්ගෙ රුස් පිටකරමින් ගෝසා කරන බවයි අපට ආරංචි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00