2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

පැමිණිල්ලේ ඔරොප්පුව

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 542

අලි පාටියේ පුංචි දාස උන්නැහේට ලොකුවටම උදව් කරන මංගල සම්මත දකුණේ ඇමැති කෙනෙක් උතුරැ සන්ධාන ලොක්කා හම්බුවෙලා විශේෂ පැමිණිල්ලක් කළා කියලා ආරංචියි.

එයාගේ පැමිණිල්ලෙන් ඉලක්ක කළේ උතුරැ සන්ධාන මහ මොළකාරයා හැටියට හඳුන්වන %තිරන්^ නීතීඥතුමා බවත් දැනගන්න තියනවා

මේ නීතීඥ මන්තිරි තැන දැන් උතුරු සන්ධාන අලි පාටියෙන් එන ජනපති සටන දිනන්න අමාරු කෙනෙක්ගේ පැත්තට  තල්ලු කරන බවටයි නෝක්කාඩුව කියූ අය සඳහන් කරලා තිබෙන්නේ. මෙහෙම කළොත් අන්තිමට අරගොල්ලන්ට තමයි වාසි කියලා රාජපක්ෂලගෙ නමත් මතක් කරලා.

කොහොමහරි මංගල සම්මත උන්නැහේ පැමිණිල්ල භාරගත් උතුරැ සන්ධානෙ ලොක්කා එයාගේ සන්ධානේ ඉන්න නීතීඥ මන්තිරි තැන කඳවලා ඔරොප්පු මූඩ් එකෙන් ඇහුවලු මොනවද අලි පාටියත් එක්ක කරන ගනුදෙනුව කියලා.. ඒ වගේම පක්ෂයේ නායකයන්ට නොකියා මහ පුටු සටන ගැන කිසිම තීන්දුවක් ගන්න එපා කියලත් සීරියස් අවවාදයක් දුන්න බව තතු දත් අය කියනවා.

කලින් කිරි පැණි වගේ හිටපු උතුරැ සන්ධානෙ මේ දෙන්නා දැන් දෙපැත්තෙ දුක් මූඩ් දාගෙන ඉන්න බවත් ආරංචියි.