2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

පූජාවට ආ සෙනඟ

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 1260

මේ රටේ ලොකුම පුටුවක වාඩිවෙලා ඉන්න බලවතෙක් වෙනුවෙන් පසුගියදා එක්තරා ආණ්ඩුකාරයෙක් විශාල පූජාවක් පැවැත්වූවා....

මේ ආණ්ඩුකාර තැන කලක් ඈත පළාතක මහ ඇමැතිකම් කළ කෙනෙක්ලු....

මහනුවර පැත්තෙ විශේෂිත වූ දේවාලයක පැවැති මෙම පූජාව සඳහා සහභාගි වෙන්න කියල ආණ්ඩුකාර තැන පළාතෙ තමන්ගෙ පක්ෂයේ බලවත් අයට මෙන්ම ඉහළම රාජ්‍ය නිලධාරීන් රාශියකට ආරාධනා කරලයි තිබුණෙ.

පූජාව පටන් ගන්න වෙලාවට ආණ්ඩුකාර තැන ඇතුළු ප්‍රභූන් ගණනාවක් ඇවිත් වැඩේ ආරම්භ කළා.... ඒත් රටේ මේ ප්‍රබලයකු වෙනුවෙන් ආණ්ඩුකාරයා සංවිධානය කරපු පූජාවට ඇවිත් හිටියෙ හරියටම අනූ දෙනයි... සීයක්වත් නැහැ....

ඒ අය අතරෙත් හිටපු ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් දෙන්න ඒ පළාතේ මහලේකම් නමට පොරකන දෙන්නෙක්ලු...  ඒ අය මේ පූජාවට දායක වුණේ මහලේකම් වාසනාව උරගා බලන්න ඕන නිසාය කියල රැස්ව සිටි සමහරු කියන්න ගත්ත.

නැගෙනහිරුට වඳින්නත් බසින හිරුට පිටුපාන්නත් දක්ෂ අපේ රටේ මිනිස්සු බලය අහිමි වන ජන නායකයො ඒකනායකල කරන හැටි එදා හොඳට පෙනුණා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00