2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ආසන හුටපටයක්

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 817

පොහොට්ටුවෙ ආසන ආරවුලක් පටන් අරන් කියලා පුංචි ආරංචියක් පැතිරුණ.. මේ ආරවුලට පැටලිලා ඉන්නෙ උඩරටින් පත්වුණ නායක නම් තියන දෙන්නෙක්. දෙන්නම බලාගෙන ඉන්නෙ සීතල නුවරඑළියෙන් තරග කරන්නයි.

එයින් එක නායක කෙනෙක් දිගින් දිගටම හිටපු ලොකු තැන එක්ක හිටපු වලපනේ පැත්තෙන් එන කෙනෙක්. උන්නැහෙ දිගටම අත පාටියෙ ඉඳලා පස්සෙ පොහොට්ටුවට සැට් වුණා. අනෙක් “නායක* එන්නෙ හඟුරන්කෙත පැත්තෙන්. එයා අත පාටියේ වගේම අලි පාටියෙත් කරක්ගහල අන්තිමේදී නුවරඑළියෙන් මහනුවර ඇවිත් 2015දී ජාතික ලැයිස්තු සරණින් දියවන්නා කවුන්සිලේට ආපු ජ්‍යෙෂ්ඨයෙක්..

ඉතින් මේ හඟුරන්කෙත නායක කලින් නුවරඑළියෙ ලක්ෂෙට කොඩි දමාගෙන හිටපු පොරක් නිසා උන්නැහේට ආයෙමත් මහනුවරින් නුවරඑළියට යන්න ඕනලු. දැනට එහේ ඉන්න නායක ඒකට තදබල ලෙස විරැද්ධ වතු ඡන්ද බහුල නුවරඑළියේ මනාප පොරේ උග්‍ර නිසයි.. කොහොම හරි දැන් මේ දෙන්නගෙ ගෝරිය නැගලම යනවා.. තාම කතාව රඟදක්වන්නේ තිරය පිටුපස.. ළඟදීම මේ දෙන්න හිටපු ලොකු තැන හම්බුවෙලා ප්‍රශ්නය කතා කරන්නලු යන්නෙ.. මේකෙන් උන්නැගෙන් තරමක් අමාරැවෙ වැටිලලු ඉන්නෙ..

කොහොම හරි ප්‍රශ්නය නොවිසඳුණොත් වේදිකාවේ ගිනිකෙළි නාට්‍යය බලාගන්න පුළුවන් කියලා කාරණා කාරණා දන්න අය කියනවා. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00