2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

පඩිත් නැතුව වැඩ

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 561

සුව ඇමති කාර්යාලයට අයිති වෛද්‍ය අංශෙට භාණ්ඩ සේවා සපයන තැන බහිරවයෙක් රිංගන් ඉන්නවලු. නිකම්ම නිකන් බහිරවයෙක් නෙමෙයි අධ්‍යක්ෂ මට්ටමේ බහිරවයෙක්.

රජයේ සේවයේ අය හැට පැන්නම පැන්ෂන් යන්න ඕනේ වුණත් මේ බහිරව තැන හැට පැනලා මාස අටක් ගිහිල්ලත් එතැන ඉන්නවලු. පුදුමේ කියන්නේ පඩියකුත් නෑලු. පඩියකුත් නැතුව මෙහෙම ඉන්න තරම් මෙයා මේකට තියෙන කැපවීම මොකක්ද කියලා හැමෝටම ප්‍රශ්නයක්ලු.

කොහොම වුණත් මෙයා ඉන්නේ නම් සුවපතිගේ නියෝගයක් උඩලු. ඒ නිසා කවුරුත් ප්‍රශ්න කරන්නේ නෑ .කොහොම වුණත් මෙයාගේ මේ විකාර වැඩ නිසා සමහර දේවල්වලට ගහපු අස්සන් ආයේ හැරිලා එනවලු වලංගු නෑ කියලා.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00