2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

සය කන් මන්ත්‍රණේ

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 620

ප්‍රසිද්ධ වේදිකාවෙදි මේ ආණ්ඩුවට පලු යන්න බණින ජාතික ප්‍රශ්නවලදී සැරටම හඬ නගන එක්තරා ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා...

උන්වහන්සේ පසුගිය කාලෙ සිරගතව සිටි ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමටත් ලොකු සටනක් කළා.. ඒ සමඟ ආණ්ඩුව ගන්නා යම් යම් තීරණ හා ක්‍රියාමාර්ගවලට එරෙහිව සැරට සටන් කරමින් උද්ඝෝෂණ විරෝධතා ආදිය අඩු නැතුවම පැවැත්වුවා... අදටත් ඒ කටයුතු එහෙමම කෙරෙනවා. උන්වහන්සේ තවත් ප්‍රකට හිමිවරැන් ගණනාවක් සමඟ ඒ වැඩවලට සංවිධානයකුත් පිහිටුවාගෙනලු ඉන්නෙ...

ජාතික ප්‍රශ්නවලදී ආණ්ඩුවට විරුද්ධව මහා ගල් කන්දක් වගේ ඉන්න උන්වහන්සේ හිටි ගමන් සටන් කරන අතරෙම ආණ්ඩුවත් සමඟ අමුතු ගනුදෙනුවක් කරන බවට ආරංචියක් පැතිරෙන්න පටන් ගත්තා.. 

මේ කතාව පැතිරැණේ කළුතර පළාතේ ආණ්ඩුවෙ ඇමැති සයිස් මහත්තයෙක් රටේ ඉහළම පුටුවට වුණත් යන්න වාසනාව ඇති බව කීම නිසායි. කොහොමින් කොහොම හරි පසුගිය අඟහරැවාදා උදෑසන උන්වහන්සේ ආණ්ඩුවෙ වෙද හෙදකම් බලන අමාත්‍යංශයක ඇතුළු කාමරේ රහසිගත සාකච්ඡාවකට වැඩියලු.

උන්වහන්සේ සමඟ එතනදි සය කන් මන්ත්‍රණයකට පැමිණි තවත් දෙදෙනෙක් ගැනත් වාර්තා වුණා. එක්කෙනෙක් අලි පාටියෙ මහ පුටු සටනට ඔට්ටුවෙන නායකයෙක්...

අනෙත් කෙනා අලි පාටියෙම ලොකු තැනගෙ පිල නියෝජනේ කරන බව කියන අපරාජිත ඇමැති සයිස් මහත්තයෙක්...

මේ තුන්දෙනා කාමරේ දොර වහගෙන කරපු සාකච්ඡාව මහ පුටු සටනෙ නායක දෙපොළ අතර ඇති හුටපටේ ගැන වුණත් ඒ ගැන වැඩිමනක් තොරතුරැ අප්‍රසිද්ධයි...

ඒත් ඒකෙ ප්‍රතිඵල අද හෙටම බලාගන්න පුළුවන් කියල කතාවක් යනව... සමහරු කියන්නෙ මෙතෙක් කල් දේශප්‍රේමී මාවතේ ගමන් ගත්ත හිමිනම පාර වෙනස් කරන්න සැරසෙන බවයි...

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00