2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

නොගිය හේතුව

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 559

එජාපයේ පසු පෙළේ ඉන්න අය හැමෝටම පහුගියදා බදුල්ලේ තිබ්බ රැස්වීමට එන්න කිව්වලු. ඒත් සමහර අය එහෙන් මෙහෙන් මඟ ඇරලා කට් එක දාලා හැංගුණා කියලයි ආරංචිය. ඒකට හේතුවත් ඒ අය කිව්වලු.

පුංචි දාස ගේන්න කියලා රට වටේ රැස්වීම්වලට ගියාට නිකමට හරි අලි පාටියේ මහ තැන එක්ක පුංචි දාස එකඟතාවයකට ඇවිත් වෙන කෙනෙක් දාන්න තීරණය කළොත් ඉස්සෙල්ලම ගෙදර යන්න වෙන්නේ පුංචි දාසට උදව් කරපු කට්ටියටලු. ඒ නිසා පුංචි දාසගේ නම කියනකල් ඔය ස්ටේජ් එකක් හතර මායිමේ යන්නේ නෑ කියලා පසු පෙළ රෑනක් තීරණය කරලලු තියෙන්නේ. හැබැයි පුංචි දාස නම් කරලා ඒක සහතික කරන්න ඕනේ නම ඔය ඕන මණ්ඩලයක් ඇතුළේ අත් දෙකම උස්සන්නම් කියලා ඒ අය කියලලු තියෙන්නේ. කොහොම වුණත් ඒ නොයන අය ලොකු තැනගෙ පැත්තට බාන්න කොළඹ උතුරැ පැත්තේ කෙනෙක් දැල දාගෙනලු ඉන්නේ.