2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ජනාධිපති අපේක්ෂකයා

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 1048

පසුගියදාක මේ රටට බලවත් ආසියාතික රටක නායකයෙක් ආවා... උන්නැහේ මේ රටේ හිතවතෙක් වගේම බොහෝ දේශපාලන නායකයන්ගෙත් මිතුරෙක්....

උන්නැහේගෙ සංචාරය අතරතුර අපූරැ සිදුවීමක් සිද්ධ වුණා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ නොවන දෙයක් නොවන නිසයි කතාව වැදගත් ප්‍රවෘත්තියක් වුණේ.

මේ අසල්වැසි නායකයා සමඟ සුහද කතාවකට එක්වූ මේ රටේ එක්තරා ප්‍රබල දේශපාලන නායකයෙක් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කතා කරන්නට වුණා. එහෙම කතා කරගෙන යද්දි අපේ රටේ ප්‍රබලයා කිව්වා ඔබතුමා තව ටිකකින් අහවලා හම්බුවෙනවනේ (ආණ්ඩුවේ තවත් ප්‍රබලයකුගේ නමක් කියයි) එයා හම්බුවුණාම එයාට උපදෙසක් දෙන්න... අහවලා ඊළඟ ජනාධිපති ඡන්දෙදි අගමැති අපේක්ෂකය කරන්න කියලා. ඒ වගේම 2015 දී කළා වගේ දැන් ඉන්න ලොකු තැන ඉස්සරහටම දාන්න කියලත් ඒ ඉල්ලීමේ සඳහන් වුණා.

මේ ඉල්ලීම ටිකක් අරැම පුදුම ඉල්ලීමක් නිසා පිටින් ආපු නායකයාට ඉබේම සිනා පහළ වුණා. ඒ අසල සිටපු තවත් දෙතුන් දෙනෙකුටත් ඇහෙන්න ඒ රාජ්‍ය නායකයා මේ ප්‍රශ්නය කියාපු අපේ රටේ ප්‍රබලයට මෙහෙම කිව්වා...

මැතිතුමා, මේක තමුන්නාන්සේලාගේ රටේ දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒකට පිටින් ආපු මම වගේ කෙනෙක් උපදෙස් දෙන එක හරි නැහැනේ. ඒ හින්ද එයාලටම තමන්ගෙ අපේක්ෂකය තෝරගන්න දීල අපි බලන් ඉමු... ඒක නේද හොඳ...

අසල්වැසි රාජ්‍ය නායකතුමා මේ උත්තරේ දුන්නා විතරයි ප්‍රශ්නය මතුකළ කෙනාගෙ මුහුණ කළු වුණා. ඒත් ආයාසයෙන් සිනාවෙමින් &ඔව් ඒක තමයි හොඳ* කියමින් මාතෘකාව වෙන පැත්තකට හැරෙව්වා.