2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

වතුකරේට රජවීම

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 439

වතුකර කස්ටිය දැන් ඉඳලම තමන්ගෙ ඡන්ද වෙන්දේසිය පටන් අරන්ලු. එහේ නායකයො හැටියට පෙනී සිටින දෙන්නෙක් දිනපතා උදේට ආණ්ඩුවෙ පැත්තෙ ලොක්කො මුණගැහිලා මගේ සහාය ඔබලාටයි කියල පොරොන්දු වෙනවා.

ඊටපස්සෙ හැන්දෑකරේ හිටපු ලොකු තැන මුණගැහිල මගේ සහය ඔබතුමාටයි කියලා පොරොන්දු වෙනවා. ඒ අතරෙ ඒගොල්ලො අතරෙ සාකච්ඡාවලදි කතාවෙන්න දිනන පැත්තට නොගියොත් මේ පක්ෂ මාරුවෙන් වැඩක් නැහැ කියලලු... සමහරු මේ වැඩේදි සන්තෝසමුත් බලාපොරොත්තු වෙන බවට ඉඟිකරලා.

කොහොම නමුත් වතුකරේ තොණ්ඩ සහ දිගා යන බලවත් චරිත දෙක වෙන වෙනම කතා කරනකොට කියන්නෙ ඒ දෙන්න එක පක්ෂයකින් හෝ සන්ධානයකින් තරගයට නැහැ කියලලු... 

ඒකට හේතුව වතුකර මනාප පොරේ හින්ද මේ දෙන්න නයාට අඳුකොළ වගේ වීමලු. මේ ආරවුල නිසා පත්වෙන ආණ්ඩුවකට තනියම වතුකරේ රජවෙන්න ඒ දෙන්න ලොකු සටනක් දැන්ම පටන් අරන්. මේ සටනෙ ප්‍රතිඵලය වන්නෙ දෙන්නට එකම සන්ධානෙකට පූට්ටු වෙන්න බැරිවීමලු. ඒ නිසා දිනන පැත්තට සැට්වෙලා වතුකරේ ඊළඟ රජා වෙන්නෙ කව්ද කියන එක දැන් ලොකු ගෝරියක් බවට පත්වෙලාලු.