2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

නැගිට්ටවිල්ල

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 1120

ලෝක පූජිත මාලි සමුගන්න දවසේ එයාට සමුදෙන්න ගොඩක් අය ඇවිත් හිටියා. ඒ අතර වැඩියෙන්ම හිටියේ දේශපාලකයෝ. ඉන්න ලොකු තැනයි, හිටපු ලොකු තැනයි තව ආණ්ඩුවේ අයයි, විපක්ෂයේ අයයි දෙගොල්ලම හිටියා. පුදුමේ කියන්නේ ජනාධිපතිගේ කුටියේ තමයි මේ ඔක්කොම හිටියේ.

ඉස්සර බෝඩ් එකට අරක්ගත්ත බොරැල්ලේ ඉඳලා දැන් මොරටු ගිය අත පාටියේ මන්තිරිතුමත් ඇවිල්ලා හිටියා. ඒ වගේ ක්‍රිකට් භාර ඇමැති බදුල්ලේ හරි කටක් තියෙන කෙනත් හිටියා.

බදුල්ලේ එක්කෙනා එනකොට බොරැල්ලේ එක්කෙනා දැකලා ආපහු හැරුණලු. මේ අතර හිටපු නායකතුමා ආවා විතරයිලු බොරැල්ලේ එක්කෙනා පේන්න නැති නිසා බදුල්ලේ එක්කෙනා හිටපු ලොක්කා ගාවට ඇවිත් වාඩිවෙලා කතා කරන්න ගත්ත. මෙන්න කොහේද ඉඳලා ආපු අර බොරැල්ලේ හාදයා බදුල්ලේ කෙනාට කුටු කුටු ගාලා හිටපු ලොක්කා ළඟින් එයා නැගිට්ටලා වාඩි වුණාලු. ඊට පස්සේ බදුල්ලේ එක්කෙනා ඈතින් හිටියා. මේ අතර රටේ ලොකු තැන ආවා. කැබිනට් එකේ ලොක්කා නිසා බදුල්ලේ එක්කෙනා ගිහින් එයා ලොක්කා ගාවින් වාඩි වුණා පැමිණීම පිළි අරගෙන. මෙන්න ආයෙමත් කොහේදෝ ඉඳලා ආපු බොරැල්ලේ එක්කෙනා කුටු කුටු ගාලා මොනවදෝ කියලා රටේ ලොක්කා ගාවින් බදුල්ලේ කෙනා නැගිට්ටලා යැව්වලු. යවලා එයා වාඩි වුණාලු. මේක හැමෝම බලාගෙන ඉඳලා තියෙන්නේ. ඒත් කට්ටියම කතා වුණාලු බොරැල්ලේ එක්කෙනාට මෙච්චර බය වෙන්න හේතුව මොකක්ද කියලා. කොහොමත් දෙන්නා නයාට අඳුකොළ වගේලු. බොරැල්ලෙ එක්කෙනා ලොක්කෝ දෙන්නා ගාවම වාඩිවෙලා ටීවී එකේ රූපේ දාගත්තට එයා තමයි මේ රටේ ක්‍රිකට් අනුභව කළේ කියලා එතන හැමෝම කතා වුණාලු.