2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ඒක කළේ කවුද?

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 817

ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සේවයක් කරපු මාලි පසුගියදා එක්දින තරගවලිනුත් සමුගත්ත...

ඒ වෙලාවෙ මාලිට සුභ පතන්න දේශපාලන නායකයො ගණනාවක් ඇවිත් හිටියා. එයින් සමහරැන්ට ප්‍රේක්ෂකයන්ගෙන් යහපත් ප්‍රතිචාරත් තවත් අයට සැර ප්‍රතිචාරත් හම්බවුණා...

කොහොම හරි තරග අවසානෙ මාලි තමන්ගෙ ක්‍රිකට් දිවියට අතහිත දුන් අය ගැන සිහිපත් කරද්දි හිටපු ලොකු තැනගෙ නම සඳහන් කරලා එයාට ස්තූති කළේ තමන්ට බැරිවුණු අවස්ථාවෙ කරපු උදව් පදව් ගැනත් මතක් කරමින්... මාලිගෙ මේ කතාවටත් එතන හිටපු ප්‍රේක්ෂකයො උණුසුම් ප්‍රතිචාර දැක්වුවා...

කොහොම නමුත් මේ කතාව අහගෙන හිටපු එක්තරා දේශපාලන භවතකුට මල පැන්නා... එයත් කලක් සෙල්ලම් භාරව හිටපු ඇමැති සයිස් කෙනෙක්. දැන් එක්තරා පක්ෂයක ලොකු පට්ටමක් දරන්නෙක්...

කොහොම හරි උන්නැහේ මාලි හිටපු ලොකු තැනට ස්තූති කරපු එකටත් තමන්ලගෙ නම් ගම් නොකීම ගැනත් උරණවෙලා එක්තරා ස්ථානයකදි සැරෙන් දොස් පරොස් කිව්වලු...

ඊට දවසකට විතර පස්සෙ මුහුණුපොතේ එක්තරා ගිණුමක් ඔස්සේ මේ ගැන මාලිට හිටු කියල ප්‍රහාර එල්ල කරන්න පටන් අරන්... ඒ ප්‍රහාර ඉතාම අශෝභන බවයි දුටු අය කියන්නෙ.

අන්තිමට කාරණා කාරණා දන්න අය මේ මුහුණුපොත් ප්‍රහාරය පිටුපස්සේ ඉන්නෙ කවුද කියල සොයලා බැලුවා. බලාගෙන බලාගෙන යනකොට හැමෝම දැනගත්ත ඒක කළේ... අහවලාය කියල. දැන් මාලි ඉන්නෙ එයා හම්බුවෙනකම්ලු මේ ගැන අහන්න...