2019 ජුලි 20 වන සෙනසුරාදා

රට ගමන් වාර්තාව

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 812

ණය බරින් මිරිකිලා ඉන්නවය කියන බස්නාහිර පළාතෙ මහ නගරෙක නගර පාලනේ ලොකුම පුටුව හොබවන කෙනා බැලුවොත් ඇත්නම් කොයිම වෙලාවකවත් රටේ නැහැ කියල ඉහළම තැන්වලට පැමිණිලි ලැබිලලු...

තම තමන්ගෙ දේවල් කරගන්න ලෝස් නැතුව සල්ලි වියදං කරනවය කියන නගර පාලනේ ඉහළම තැන ඉන්න කෙනා බැලුවොත් ඇත්නම් මේ රටේ නැහැ කියන එක ගැන රටේ ඉහළම තැනකට තොරතුරු ලැබුණාම ඒ ගැන සොයා බලන්න බස්නාහිර පළාතෙම තවත් මහ බලධාරියකුට පැවරුණා...

ඔන්න ඒ පාර මේ නගර පාලන එක්කෙනාගෙ රට ගමන් ගැන සෙවිල්ලක් පටන් ගත්තා. ඊට පස්සෙ මේ ගැන කරපු විමර්ශනයේදි හෙළිදරව් වුණේ මේ නගර පාලන ප්‍රධාන තැන රට ගමන්වලින් වාර්තාවක් තියලා කප් ගහලයි කියලලු...

ඒ කතාව අමු සිංහලෙන් කිව්වොත් එයා අවුරුද්දක් ඇතුළත වාර 80ක් රට ගිහිල්ල තිබෙනවලු...

නගර පාලනේට සල්ලි නැතුව හතර ගාතෙන් වැටිල තියෙද්දි මෙයාගෙ මේ රට ගමන් ගැන සේරොම තොරතුරු ඉහළ තැනක් අතේ දැන් තියෙනව. ඒ තොරතුරැවල තියෙන අපූරු කාරණා ළඟදීම ප්‍රසිද්ධ සභාවකදි පත්තුවෙන්න පුළුවන් බවයි අපට ආරංචි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00