2019 ජුලි 20 වන සෙනසුරාදා

කලා නෝනගෙ බරබරේ

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 533

පසුගියදාක රටේ දෙවැනි මහත්තයා උතුරෙ සංචාරෙකට ගියා. උන්නැහේ එක්ක අලි පාටියෙ කලා නෝනත් හිටියයි කියමුකො... උතුරේ සංවර්ධන කටයුතු ගණනාවක් විවෘත කරපු දෙවැනි මහත්තය පළාතෙ ජනතාවගෙන් ඉල්ලා සිටියෙ උතුරේ අර්බුදයට අවශ්‍ය දේශපාලන විසඳුම ලබා දෙන්න තවත් අවුරැදු දෙකක් කල් දෙන්න කියලයි...

උන්නැහේ මේ කතාව කියනකොට උතුරු සන්ධානෙ භවන් මන්තිරි උන්නැහේ ඒක අහන් හිටියා. කොහොම හරි දෙවැනි මහත්තයා එතැනින් පිටත්වෙලා යන්න ගියාම භවන් මන්තිරි තැන දෙවැනි මහත්තයා කළ කතාවට බරබරේ දාන්න ගත්තා

අවුරුදු හතරක් නොකළ දේ තව දෙකකින් කරයිද? ඕවා කල් මරන්න කියන කතා.. අරවා මේවා කියමින් සෑහෙන සැරට තමන්ගෙ විවේචනේ කරගෙන යනකොට අලි පාටියෙ කලා නෝනත් ඒක අහගෙන හිටියා... දෝෂාරෝපණේ බරපතළ නිසා කේන්තියෙන් ආවේස වුණු කලා නෝනා ඇඟිල්ල දික් කරගෙන භවන් මන්තිරි ඉන්න තැනට එකපාරට කඩා පැන්නා. එහෙම කඩා පැනලා එයාට ලුණු ඇඹුල් ඇතිව සංග්‍රහයක් කළා... විනාඩි පහක් විතර ඒ විදියට බැණගෙන බැණගෙන ගිය කලා නෝනට උත්තර දීගන්න භවන් මන්තිරි වචන එකතු කරනකොට කොහේද යන පි...ක් කියලා කලා නෝනා එතනින් පිටත්වෙලා ගියාලු...

ජනතාව මැද්දේ කලා නෝනගෙන් ලැබුණු සංග්‍රහය ගැන විස්සෝප වෙන භවන් මන්තිරි තැන ටික දවසක් කොළඹ ආවෙත් නැහැ කියලයි ආරංචි.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00