2019 ජුලි 13 වන සෙනසුරාදා

මාර්ෂල්ද - ගැමුණුද!

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 817

ගැමුණු නැවතත් අළුගසා දාලා අලි පාටියෙන් තරග බිමට එන්නලු යන්නේ. හැබැයි එයාට මේ පාර කැලණිපුර නෑලු. තියෙන්නේ මාර්ෂල් ලොක්කටලු. හැබැයි මාර්ෂල් ලොක්කට වඩා ගැමුණුට කැලණියේ තැනක් තියනවා කියලයි දේශපාලන ලෝකයේ හැමෝම කතා වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගැමුණුගේ සැට් එකේ කොල්ලෝ ටිකත් ඉන්නේ කැලණියේ නිසා ගැමුණුට කැලණිය දිනන එක ගේමක් නැහැයි කියලයි කියන්නේ.

කොහොමහරි දැන් මාර හුටපටයක් වෙලාලු තියෙන්නේ. ගැමුණුගේ කොල්ලෝ මාර්ෂල්‍ට උදව් කරන්න බෑයි කියනවලු. හේතුව මාර්ෂල් එක්ක ඉන්න කොල්ලෝ අලිපාටියේ කකුල් නිසා ගැමුණුගේ කොල්ලන්ට පරණ ඇරියස් අල්ලනවලු.

මේ නිසා ගැමුණුගේ කොල්ලෝ ඉස්සරහට ගැමුණුව ඉල්ලලා කැලණියේ විදී සටන් පටන් ගන්නලු හදන්නෙ. නායකතුමාටත් කියන්නලු යන්නේ. මේක කොහොම හරි මාර්ෂල්ටත් ආරංචි වෙලාලු. මාර්ෂල් පහුගිය දවස් ටිකේ තැන් තැන්වල ගැමුණුව එක්කන් ගියාට දැන් එක්කන් යන්නත් ටිකක් දෙපාරක් හිතනවා කියලයි කැලණියෙන් ලැබෙන ආරංචි වලින් එන්නෙ. ඒ අස්සෙ මාර්ෂල් උන්නැහේ යූ.ඇන්.පී.ය්ටත් තැන් තැන්වල බර බරේ දාන්න පටන් අරන්ලු.