2019 ජුලි 13 වන සෙනසුරාදා

ඇමැති නොමැති අමාත්‍යංශය

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 485

අලි පාටියෙ ජ්‍යෙෂ්ඨයෙක් වෙච්ච ඌවෙ මද්දුම උන්නැහේට පසුගිය කාලෙ අලුත් කැබිනට් විෂයක් පැවරුවා.... ඒක දුන්නෙ ගමට වැඩකරන්න කියලයි. විෂය ග්‍රාමීය ආර්ථික සංවර්ධනේ....

උන්නැහේ මේ තනතුරේ දිවුරල මාස 1 ½ක් ගියත් අමාත්‍යංශයේ වැඩ භාරගත්තෙ නැහැ. ඒ හින්ද දැන් ග්‍රාමීය ආර්ථිකේ ඇමැති නොමැති අමාත්‍යංශයක් බවට පත්වෙලා.

ඔහොම කලක් ගතවෙනකොට ආණ්ඩුවෙ වගේම අලි පාටියෙ ඉහළ තැන්වල උදවියත් මේ ගැන මද්දුම උන්නැහේගෙන් අහන්න ගත්තා...

තමන්ට මේ රාජකාරිය පැවරුවත් ඒකට අදාළ ආයතන කිසිවක් නොපවරා ආර්ථික මධ්‍යස්ථාන 4ක් විතරක් පවරා තිබීම හින්ද මේකෙන් ගමට වැඩක් කරන්න අමාරැ බව කියමින් එයා තනතුරැ නොගන්නා බව අලි පාටියෙ ලොක්කන්ට දැන්නුවා....
තමන් ජ්‍යෙෂ්ඨයෙක් බවත් කලින් විෂය භාරකෙනාට එක විදියකටත් දැන් විෂය භාර තමන්ට කුඩම්මගෙ සැලකිල්ල දැක්වීමත් ගැන කලකිරිල ඉන්න මද්දුම උන්නැහේ ග්‍රාමීය ආර්ථිකේ හරියට දෙනකම් අත තියන්නෙ නැති සයිස් එකක් තමයි දැන් තියෙන්නෙ.... ඒ හින්ද ඡන්ද කටේ ඇමැති නොමැති අමාත්‍යංශය ගැන දැන් හැමෝම කතා වෙනවා...

මද්දුම උන්නැහේට ලැබිය යුතු ආයතන කලින් ඒ විෂය භාරව හිටපු උන්නැහේ සතුටින් පරිපාලනේ කරගෙන යන බවත් ආරංචියි....