2019 ජුලි 06 වන සෙනසුරාදා

වැඩේ අනුමතයි

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 539

ආණ්ඩුවෙ ඉන්න දුප්පතාට හිතවත් බොහොම දයාබර ඇමැති සයිස් මහත්තයෙක් ආණ්ඩුවට අයිති පුංචිම විශේෂිත බැංකුවකින් ලොකුම ලොකු ණයක් ඉල්ලුවලු...

මුන්නැහේ මේ පුංචිම බැංකුවට ගියේ ආණ්ඩුවෙ ලොකුම බැංකුවලින් සෑහෙන්න ණය අරන් තියෙන නිසා කියලයි ආරංචි මාර්ග කියන්නෙ. ඒ සමහර ණය තවමත් ගෙවල නැති බව සමහරැ තරහට වගේ කියනවා...

මේ පුංචිම බැංකුවෙන් මහා දැවැන්ත ණය මුදලක් ඉල්ලපු උන්නැහේලට ලොකු ලොකු කොම්පැණි රාශියක් තියෙනවලු.

ඉතින් පුංචි මිනිසුන්ට ඉඩකඩම් ගන්න ගෙවල් දොරවල් හදාගන්න පුංචි පුංචි ණය දෙන මේ බැංකුවෙ පාලක මණ්ඩලේ කුල්මත් කරලා මෙතුමා කෝටි තිහ හතළිහක මුදලක් එකපාර අනුමත කරගත්තා... ඒකෙ මුල් වාරිකේ හැටියට කෝටි පහ හයක මුදලක් දැනටමත් අරන්ලු.

මේ කතාව දැනගත්ත පොහොට්ටුවෙ උදවිය මුන්නැහේගෙ සමාගම්වල ණය කෙරැවාව ගැන ළඟදිම ප්‍රසිද්ධියෙ සවිස්තර ප්‍රශ්නයක් අහන්නලු යන්නෙ...   

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00