2019 ජුනි 29 වන සෙනසුරාදා

හිටපු ඇමැති තැන සංවේගයෙන්

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 933

දැන් පට්ටමක් නොමැති ඒත් හිටපු ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව.. උන්නැහේ දැනටත් දියවන්නා කවුන්සිලේ ඉදිරිපෙළ සාමාජිකයෙක්.. නිර්මල ප්‍රේමය ගැන නම් දැරූ නිමල හදක් ඇති මුන්නැහේගෙ පෙම්වතිය වෙනුවෙන් එතුමා පසුගිය කාලෙ නොකළ දෙයක් නැහැ..

ඒත් ඉතින් වෙදහෙදකම් එහෙමත් දන්න උන්නැහේගෙ පෙම්වතිය දැන් තවත් තලතුනා කෙනෙක් එක්ක අම්පාර පැත්තෙ කරක් ගහන බව ආරංචියි..

එයාල අම්පාර පැත්තෙ යන්නෙ ඔය කියන පෙම්වතාට අයිති හෙලිකොප්ටර යානයකින්ය කියලත් කියනවා.. උන්නැහේට තියන ගුවන් සමාගමට අයිති ඒ යානා හැඳින්වෙන්නෙ ජපානෙ සුප්‍රකට මලක නමකින්ලු..

මෙයාල රටේ මෙච්චර සුන්දර තැන් තියෙද්දී අම්පාරටම ගාටන්නෙ ඇයි කියල හොයල බැලුවම ආරංචි වුණේ හිටපු ඇමැතිතුමාගේ පෙම්වතියගෙ අලුත් හිතවතා අම්පාරෙන් ඡන්දෙ ඉල්ලන්න ට්‍රයි කරනවය කියලා කතාව..

හිටපු ඇමැතිතුමා හුඟක් මහන්සියෙන් ලොකු වියදමකින් ගොඩනගාගත් ප්‍රේම වෘතාන්තය ගුවන් සමාගම් සංචාරක හෝටල් හරහා ගිහිල්ලා අන්තිමේදී අම්පාරෙ නවතීවි කියලා එයා හුඟක් කනස්සල්ලෙන් ඌව පැත්තට වෙල ඉන්න බවයි ආරංචි..