2019 ජුනි 29 වන සෙනසුරාදා

පන්සලට ලයිට්

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 614

කතාබහට ලක්වෙන සින්දු කියන ඒ සිංදුවලට සුන්දරියන්ගෙ සුන්දර දර්ශන දාන වීර රත්නයක් වන් ගායක මහත්තයෙක් මේ දවස්වල පන්සල් ගාණේ ගිහින් අඩුපාඩු හොය හොයා උදව් කරනවා. මෙයා මේ ළඟදී අම්පාරෙ කූරගල පන්සල පැත්තේ ගිහින් ඒ පන්සලේ තිබ්බ ලොකුම අඩුපාඩුවක් වුණු කරන්ට් එක ලබාදෙන්න වැඩක් පටන් ගත්තා.

මෙයා මේක ෆේස් බුක් එකේ දාලා හැමෝටම උදව් කරන පුංචි දාසෙගෙන් ඉල්ලුවා පන්සලට කරන්ට් එක අරගෙන දෙන්න පුළුවන්ද කියලා. ඒක එහෙම තියෙද්දි පුදුමේ කියන්නේ මේක දැකපු වෙනත් කෙනෙක් කරන්ට් වැඩේ කරන්න මැදිහත් වුණා. ඒ කවුරැත් නෙමෙයි පුංචි දාස එක්ක කරට කර සටන් කරන පක්ෂයට හිරු මෙන් ඉන්න කරැණාබර කෙනා. මෙයා දාසට කලින් මැදිහත් වෙලා කූරගලට කරන්ට් එක දෙන්න අර ගායක තැනට පොරොන්දු වෙලා. ඒ විතරක් නෙමෙයි මේවා මුහුණු පොතෙත් දාලා. කරැණාබර කෙනා ආණ්ඩුවේ බලයට අධිපති  නිසා දැන් එයාට හිතවත් එක එක මුහුණු පොත්වලින් පුංචි දාසගෙන් අහනවලු කෝ ලයිට් කියල. තැන් තැන්වල ගෙවල් හැදුවට වැඩක් නෑ කරුණාබර නැත්තම් ලයිටුත් නෑ කියලත් කියන්න පටන් අරන්ලු.

මේ වාග් සටන හින්දා තිබුණ ආරවුල දෙගුණ වුණා. ඊට පස්සේ ලයිට් දෙන්න ගිය හිරුගෙ වැඩේට අනිත් පැත්තේ කට්ටිය බාල්දියක් පෙරලුවලු. ඒකෙන් වුණේ කූරගල ලයිට් වැඩේ හබක් වීමයි.