2019 ජුනි 29 වන සෙනසුරාදා

අලුත් නීතිඥතුමෙක්!

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 538

පාර්ලිමේන්තුවේ ඉන්න නළු මන්තිරිතුමා මේ දවස්වල බරට වැඩලු. හේතුව තමයි එයා උසස් පෙළ ලියන්නලු හදන්නේ. මෙයා විෂයන් හැටියට තෝරාගෙන ඉන්නේ මාධ්‍ය, දේශපාලන විද්‍යාව සහ කතෝලික ධර්මය. මේ තුනෙන් තමයි මෙයා උසස් පෙළට මුහුණදෙන්න යන්නේ. මේකට මෙයා ලංකාවේ ප්‍රධාන පෙළේ ගුරුවරු දෙන්නෙක්ගෙනුත් මාධ්‍යයි, දේශපාලන විද්‍යාවයි ඉගෙන ගන්නවලු. කතෝලික ධර්මය මෙයා එක්ක විකට රුඟුම් පාපු ටෙනීගේ දුවලු උගන්නන්නේ.

කොහොම වුණත් මේ හදිසි ඉගෙනීම ගැන හැමෝටම ප්‍රශ්නයක්ලු. පස්සේ එහෙන් මෙහෙන් විපරම් කරලා බලනකොටලු කාරණාව එළියට ආවේ. මෙයාට තියෙනවලු කට නිසා දාගත්‍ත නඩු 28ක්. මෙයාට ඒ නඩුවලට පෙනී ඉන්න නීතිඥ මහත්තයෙක් වෙන්න අවශ්‍යලු. එයා කළු කෝට් කස්ටිය විවේචනේ කළාට එයාට ඇත්තටම ඕන හොඳ, නීතිඥ මහත්තයෙක් වෙලා මිනිසුන්ට උදව් කරන්නලු.

හැබැයි නීති විද්‍යාලයට යන්න උසස් පෙළ හරියට නැති නිසා දැන් මෙයා බැහැලා උසස් පෙළ කරනවලු. ගුරුවරුත් කියන්නේ මෙයා හොඳට ඉගෙන ගන්නවා කියලා. හැබැයි ඉතින් ඉගෙන ගැනීමේ තරම බලන්න වෙන්නේ ඉස්සරහට ප්‍රතිඵල ආපුවම තමයි.