2019 ජුනි 15 වන සෙනසුරාදා

තනතුරු ඉල්ලීම

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 775

පසුගිය දවස්වල ආණ්ඩුවේ හිටපු මුස්ලිම් මැති ඇමැති කස්ටිය ඉල්ලා අස්වුණා. ඒ අනුව ආණ්ඩුවේ කැබිනට් සහ කැබිනට් වගේ තනතුරැ හත අටක්ම පුරප්පාඩු වෙලා තියෙනවා.

පසුගිය කාලේ ඔය තනතුරැ බලාගෙන හිටපු අලි පාටියේ පසුපෙළ උදවියගෙන් කිහිපදෙනෙක් මුණගැහිලා මේ ගැන කරපු සාකච්ඡාවකදී එයාලා තීන්දු කළේ තමන්ට මේ තනතුරු ලබාගන්න ඕන කියලයි...

ඒ අනුව පක්ෂයේ ලොකු මහත්තයා හම්බුවෙලා ඉල්ලීමක් කරමු කියලත් කතා වුණා... හැබැයි ඒ කතාව ලොක්කට කියන්නෙ කවුද කියන එකේදි හැමෝම අදිමදි කරන්න පටන් ගත්තලු...

අන්තිමේදී බළලාගෙ කරේ මිනි ගෙඩිය බඳින්න එක්කෙනෙක් ඉදිරිපත් වුණා....

එයා සබරගමුව පළාතේ තරැණ මන්තිරි සයිස් මහත්තයෙක්. දැනට තනතුරක් නැති කතාකාරයෙක් හැටියට ප්‍රසිද්ධ කෙනෙක්....

ඔන්න ඉතින් උන්නැහේ කල්යල් බලලා සුබ මොහොතින් ලොකු මහත්තයා හම්බවුණා. හම්බුවෙලා මේ පසුපෙළ කස්ටියගේ ඉල්ලීම ඉදිරිපත් කළා කියමුකෝ...

ඒකට හොඳින් සවන් දුන්න අලි පාටියේ ලොකු මහත්තයා රත්නපුරේ තරැණ මන්තිරි තැනට දුන්නෙ කෙටි උත්තරයක්ලු.

තියන ප්‍රශ්නෙ ඉවර කරගන්න බැරැව ඉඳෙද්දි නැති ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව ඉන්නවා.. මීටපස්සේ ඔය වගේ යෝජනා අරගෙන එහෙම මෙහේ එහෙම එන්න එපා....

ලොකු මහත්තයා දුන්න සැර උත්තරේට පස්සේ මුකුත් නොකියූ තරැණ මන්තිරි තැන සීරැවෙන් පසුබැස්සා..

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00