2019 ජුනි 15 වන සෙනසුරාදා

අලුත් පට්ටම එපාලු

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 549

අලි පාටියේ පරණ කකුලක් වන ඌවේ මද්දුම උන්නැහේ පසුගිය කාලෙ පුරාම තමන්ගේ පක්ෂයේ ඉහළ තැන්වලින් ඉල්ලා සිටියේ තමන්ට ගමට, රටට වැඩ කරන්න පුළුවන් විෂයක් භාරදෙන්න කියලයි.. නමුත් ඒ ඉල්ලීම ඉටු නොවීම ගැන උන්නැහේ හිටියේ අසතුටින්...

තමන්ගේ ජ්‍යෙෂ්ඨතාව සලකා... වෙනත් විෂයක් පවරන්න කියලා එයා පසුගිය දවස්වල පක්ෂයට තද ප්‍රෙෂර් එකක් දැම්මේ දෙකෙන් එකක් බේරගන්න හිතාගෙනලු..

ඔන්න කොහොමහරි මේ ඉල්ලීම බරපතළ නිසාත් පක්ෂයේ තියන හැලහැප්පීම් තවදුරටත් වැඩි කරගන්න ඕන නැති නිසාත් අන්තිමේදී උන්නැහේට ග්‍රාමීය ආර්ථික විෂය පවරන්න කියලා රටේ ලොකු මහත්තයට අලි පාටියෙන් නිර්දේශයක් ගියා...
රටේ ලොකු තැනත් ඌවේ මද්දුම උන්නැහේ එක්ක ආරෝවක් නැති නිසා ටක්ගාලා එයාට එන්න කියලා තනතුර භාරදුන්නා කියමුකෝ.

තනතුර භාර අරන් ඒකට පැවරිලා තියන වැඩ හා ආයතන ටික පරික්ෂා කරලා බලනකොට කලින් මේ විෂය භාරව තිබුණ රජරට හැරීට දීලා තිබුණ විෂයන් මද්දුම උන්නැහේට පවරලා නැති බව සොයාගත්තා. උන්නැහේට පැවරිය යුතු කිසිම ආයතනයක් නොදී ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථාන ටිකක් විතරක් දීලලු.

මේ කරපු වැඩේට මද්දුම උන්නැහේට සෑහෙන්න කේන්ති ගිහිල්ලා මල් පාරේ තියෙන රටේ දෙවැනි මහත්තයාගේ කන්තෝරැවෙ ඉන්න ලොකුම ලේකම් උන්නැහේ කෙනෙකුට කතා කරලා තමන්ට මේ කරපු වැඩේ අසාධාරණයි. ඒ නිසා ග්‍රාමීය ආර්ථිකය විෂය තමන්ට එපා ඒක ඕන කෙනකුට දීගන්න කියලලු...

ඒ බව අද හෙටම ලිඛිතවම දෙන්නම් කියලත් දන්වලා. ඒ නිසා අලුත් ඇමැති විෂය පැවරීමත් අංජබජල් වෙලා කියලයි තතු දත් අය කියන්නේ...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00