2019 ජුනි 15 වන සෙනසුරාදා

ඡන්ද ගණන

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 625

ඊයේ පෙරේදා දවසක ආණ්ඩුවේ ඉහළම මන්දිරේකින් කළු කෝට්ධාරී දේසපාලුතුමෙක්ගෙ ගෙදරට දුරකථන ඇමතුමක් ලැබුණලු... 

මේ ඇමතුම දුන්න ඉහළම පුටුවක් හොබවන තැනැත්තා කතා කළේ ඊළඟ මහ පුටු ඡන්දය ගැන කියලා තතු දත් අය කියනවා...

ඒකට තමන් ඉදිරිපත් වුණොත් කොහොමද ජනතාව කලින් වගේම තමන්ට උදව් පදව් කරයිද කියන එකයි එයාට දැනගන්න ඕන වුණේ...

ඒ ප්‍රශ්නයට සවන් දීපු කළු කෝට්ධාරී දියවන්නා කවුන්සිලේ මැම්බර්තුමා රටේ පවතින තත්ත්වය ගැන දිග දේශපාලන විග්‍රහයක් කළාලු.. ඒ විග්‍රහය කොච්චර දිගද කියනවනම් හරියටම පැයකුත් විනාඩි පහළොවක් විතර විග්‍රහයට ගතවුණ බව අපට ආරංචියි.

මේ විග්‍රහය අහගෙන හිටලු ඉහළම පුටුව හොබවන තැනැත්තා ඇහුවා මට ඇත්තටම දැනගන්න ඕන මම සටනට ආවොත් කොපමණ ඡන්ද ගණනක් ගන්න පුළුවන්ද කියන එකයි.. කියලා අන්තිම ප්‍රශ්නය මතු කළා...

ඒකට කළු කෝට්ධාරී දේසපාලුතුමා දුන්නේ මේ වගේ උත්තරයක්. 

තමුන්නාන්සේට ඉල්ලන්නම ඕනනම් ඒක තමන්ගේ වැඩක්... හැබැයි ඉල්ලුවොත් ලැබෙන්නේ දෙකයි. ඔය දෙකේ ඉලක්කමට තමන් කැමති බිංදු ගණනක් දාගන්න.. ඒ හින්දා අපටනම් ඔය බෝට්ටුවට ගොඩවෙන්න බැහැ...

කළු කෝට්ධාරියා මෙහෙම උත්තර දුන්නම ආ... ඒකත් එහෙමද කියපු ඉහළම තැනැත්තා දුරකථනය විසන්ධි කළා.