2019 ජුනි 08 වන සෙනසුරාදා

රහස් කතාවට අමුත්තෙක්

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 816

රතන හිමිගෙ උපවාසයෙන් පස්සෙ බරපතළ අර්බුදකාරී තත්ත්වයකට මුහුණදුන්න පළාත් ආණ්ඩුකාර දෙපළ උපවාසෙ පටන්ගත් දා කොළඹ රාජගිරිය පැත්තෙ තියෙන ටවර් ගොඩනැගිල්ලක ඇති නිවසකදි හදිසියෙම මුණගැහුණා...

ඒ නිවස අයිතිත් එක්තරා ආණ්ඩුකාරවරයකුටලු.

ආණ්ඩුකාරවරු දෙන්න එතන සාකච්ඡාවක නිරතවෙන අතරෙ විශ්වාසභංගෙට මුහුණදීපු ඇමැති තැනත් එතෙන්ට ඇවිල්ලා...

ඊට පස්සෙ මේ තුන්දෙනා පැයක් විතර කතාබස් කළා... එතෙන්දි තීරණය වුණේ උපවාසය වැඩේ දුරදිග යන්න කලින් මේ දෙතුන් දෙනා ඉල්ලා අස්වීමටයි... ඒ අනුව වහා ඉල්ලා අස්වීමට අවශ්‍ය කරන කටයුතු කරන්නත් තීන්දුවක් ගත්තා...

මේ තීන්දුව අරන් සුහද කතාබහක ඒ පිරිස නිරතවෙලා ඉන්නකොට ආණ්ඩුවෙ ඉහළම මන්දිරේකට සම්බන්ධ එක්තරා ලේකම්වරයෙක් එතෙන්ට ආවලු...

මේ ලේකම්වරයත් කාලයක් පළාත් පාලන ආයතනෙක ලොකුම පුටුවක හිටපු කෙනෙක්... හදිසියෙ උන්නැහේ මෙතෙන්ට ආවෙ ඇයි කියන එක කාටත් ප්‍රශ්නයක් වුණා. කොහොමහරි පැතිර ගිය ආරංචියකින් කියැවුණේ එයා එතනට ආවෙ ඉහළම මන්දිරේක පණිවුඩයක් අරගෙන බවයි...

ඊළඟට එතන හිටපු ආණ්ඩුකාරවරු දෙන්නත් ඇමැතිවරයත් මේ ලේකම්වරයත් ටික වෙලාවක් සාකච්ඡා කළා.

ඉන් පස්සෙ ආණ්ඩුකාරවරැ තමන් තනතුරුවලින් ඉවත් වෙන්න මොහොතකට පෙර ගත්ත තීන්දුව වෙනස් කරල අස් නොවෙන්න තීන්දු කළා...

ඒ අනුවයි පසුවදා වනවිට ප්‍රශ්නය තවත් වැවුණේ... කොහොමහරි රට පුරාම උපවාසයට සහයෝගය පළවෙලා ඊළඟ දවස් දෙක තුළ ප්‍රශ්නය උග්‍ර වුණා... අන්තිමේදි ආණ්ඩුකාරවරු විතරක් නෙවේ සියලුම මුස්ලිම් ඇමැතිවරු ඉල්ලා අස්වුණා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00