2019 ජුනි 08 වන සෙනසුරාදා

දීමනාව කෝ

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 401

පසුගිය කාලෙ උතුරු සන්ධාන මන්තිරි ගොල්ලට ආණ්ඩුවෙන් පොඩි දීමනාවක් මාසිකව ලැබුණා... පොඩි දීමනාවක් කීවට ඒක මාසෙකට රුපියල් ලක්ෂ දෙකක් විතරය කියලයි ආරංචි...

ආණ්ඩුවෙ ගම් පෙරළන වැඩවල ගමන් වියදම් පියවාගන්න ආධාරයක් ලෙස මේ මුදල දෙන බව රජය කීවත් විපක්ෂයෙ උදවිය නම් කීවේ මේ මුදල දුන්නෙ අයවැයට සහාය ලබාදුන්නට උදව්වක් වශයෙන් කියලයි.

ඉතින් දැන් මේ මුදල අරන් සන්තෝසෙන් හිටපු උතුරැ සන්ධානෙ කස්ටියට ලැබුණු දීමනාව මාස තුනකින් පස්සෙ හදිසියෙම නතරවෙලා.

ඒ නිසා දැන් දීමනාලාභී මන්ත්‍රීවරැ ඉන්නෙ මාර අප්සෙට් එකේලු... එයාලා තමන්ගෙ දීමනාව ලබාදෙන්න කියලා උතුරු සන්ධානෙ ලොක්කන්ට හැමදාම බරබරේ දාන බවත් ආරංචියි... ඒත් ආණ්ඩුව මේ ඉල්ලීම නෑහුණා වගේ ඉන්න එක ගැන උතුරු සන්ධානෙ පසුපෙළට මළ පැනලා... සමහරු විශ්වාසභංගෙදි ආණ්ඩුවට කොකු දාන්න ආවෙත් මේ හුටපටය නිසා කියල තවත් අය කියන්න ගත්තා.