2019 ජුනි 01 වන සෙනසුරාදා

මන්තිරිතුමාගේ කොණ්ඩ මෝස්තරේ

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 835

ඈත දුෂ්කර පළාතකින් දියවන්නා කවුන්සිලේට පත්වෙච්ච මන්තිරි සයිස් මහත්තයෙක් ඉන්නවා. උන්නැහේ විපක්ෂ මන්තිරි කෙනෙක්...

බත් බුලත් කන සුපිරි ගැමියෙක් වගේ හැසිරෙන උන්නැහේ තමන්ගේ ජීවිතේ දුෂ්කර කාලේ කොළඹ ඉඳන් අම්පාරට පයින්ම ගමන් කළ වීරයෙක් කියලත් කලකට පෙර මාධ්‍යයේ සඳහන් වෙලා තිබුණා...

පසුගිය දවසක මේ මන්තිරිතුමා අමුතු විදිහට කොණ්ඩෙ කපලා තිබුණා... උන්නැහේ වෙනදා කොණ්ඩෙ කපනවට වඩා හුඟක් කොටට ඒ වගේම තරමක් අමුතු මෝස්තරේකට කොණ්ඩෙ කපලා තිබුණා කීවොත් හරි...

ඉතින් එහෙම අමුතු විදිහට කොණ්ඩෙ කපාගෙන ආවම එයාගෙ මන්තිරි සගයො විතරක් නෙවෙයි මැති සබේ ඉන්න නිලධාරී තනතුරු දරන උන්නැහේලටත් මේකෙ අමුත්තක් පෙනුණා...

අන්තිමේදී මේ මන්තිරිතුමාගේ හොඳ යාලුවෙක් වන තවත් කවුන්සිලේ මැම්බර් කෙනෙක් උන්නැහේට කිට්ටු කරලා මේ කොණ්ඩ මෝස්තර වෙනස ගැන ඇහුවා...

ආ... ඒකද... ඒක මේ පොඩි වැරදීමක්.. මන්තිරිතුමා උත්තර දුන්නා.

වැරදීමක්.. ආ බාබර්ට වැරදුණාද?

නැවතත් මන්තිරිතුමාගේ හිතවත් මන්ත්‍රී ඇහුවා..

නෑ මචං.. කතාව මේකයි. මම කවදාවත් බාබර් කෙනෙක් ළඟට ගිහිල්ලා කොණ්ඩෙ කපන්නේ නැහැ. උඹලගෙ නම් කොණ්ඩ කපන්නේ බාබර්.. නැත්නම් බාබර්ගේ පවුල හරිනේ.. ඒ වුණාට දැනට අවුරැදු පහළොවක් විස්සක් තිස්සෙම මගේ කොණ්ඩෙ කපන්නේ අපේ නෝනා.. වෙනදා එයා ගානට නියමෙට කොණ්ඩෙ කපනවා. මේ පාර මොකද්ද හුටපටයක් වෙලා එයාටත් මැෂිමන්ට් එක වැරදිලාද කොහෙද.. ඒකයි ඔහොම වුණේ.. කමක් නැහැ මචං.... වැදගත් වෙන්නේ කොණ්ඩෙ නෙවේනේ.. ඔලුවනේ... නේද?

මන්ත්‍රීතුමා තමන්ගෙ කොණ්ඩ මෝස්තරේ වෙනස පැහැදිලි කළේ එහෙමයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00