2019 මැයි 25 වන සෙනසුරාදා

ලස්සන පින්තූරේ

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 1066

රටේ ලොකු මහත්තයට හිටපු ලොකු තැන ඇතුළු මැති ඇමැති පිරිසක් පසුගියදා මුණගැහුණෙ ආණ්ඩුවේ එක්තරා උත්සවයකට සහභාගි වෙමින් සිටියදී. එතෙන්දි රටේ ලොකු මහත්තය අසලට ගිය හිටපු ලොකු තැන පසුගිය දවසක අපි ඔබතුමාගෙ ලස්සන පින්තූරයක් දැක්ක කියමින් කතාවක් දැම්මා...
එහෙම තමන් දැක්කෙ රටේ ලොකු මහත්තයගෙ චීන චාරිකාව අතරතුර අලි පාටියෙ ඇමැතිල දෙන්නෙක්ගෙ කරට උඩින් අත දමාගෙන සිටි ඡායාරෑපයක් බවත් මතක් කළා...
හිටපු ලොකු තැනගෙ කතාව අහගෙන උන්න රටේ ලොකු මහත්තය &ආ.. ඒකද පින්තූරෙ...* කියමින් &අන්න අර මනුස්සය කරපු වැඩක් ඕක...* කියල ඈතින් හිටපු කෙනකුට කතා කළා... ඒ අනුව එතෙන්ට ආවෙ නම ප්‍රසිද්ධ පළාත් ආණ්ඩුකාරතුමෙක්...
උන්නැහේ එක්ක හිනාවුණු හිටපු ලොකු තැන &ඇයි ඔයා මේ වගේ පින්තූරයක් ප්‍රසිද්ධ කළේ... තමුන් රටේ ප්‍රධානිය එක්ක ගන්න හැම පින්තූරෙම ප්‍රසිද්ධ කරන්නෙ නැහැ... රටේ වගකිවයුත්කො එක්ක යනකොට ඔය වගේ වැඩ නොකර හිටිය නම් තමයි හොඳ* කියමින් සුළු අවවාදයක් දුන්නා...
ආණ්ඩුකාර තැන ඒකට උත්තර බඳින්න ගියේ නැහැ. රටේ ලොකු මහත්තයත් හිස වනමින් ඒ කතාව අනුමත කළා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00