2019 මැයි 25 වන සෙනසුරාදා

ආරාධිතයා

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 605

රණවිරු සමරුව ඉතාමත් ගරුකටයුතු ආකාරයෙන් පසුගියදා දියවන්නා පිට්ටෙනියෙ දි දේශපාලන සහ හමුදා නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා...

මේ සමරු උත්සවය යන අතරතුර එතන අසුන්ගෙන හිටපු දේශපාලන අංශ ප්‍රධානීන් කිහිප දෙනකුත් තවත් ඉහළ නිලධාරීන් කිහිප දෙනකුත් අතර පෞද්ගලික කතාබහක් ඇතිවුණා. ඒ කතාබහේ දි හැමෝම පුදුමයෙන් කී එක කතාවක් තිබුණා... ඒකට කාටවත් උත්තර දෙන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ කියලයි ආරංචි...

රණවිරුවන්ට උපහාර පිදීම සඳහා පැමිණි එක් ආරාධිතයෙක් ගැනයි මේ කතාව සිද්ධ වුණේ. ප්‍රාදේශීය ආණ්ඩුවේ එක්තරා බලධාරීන් පිරිසක් නියෝජනය කරමින් රණවිරු උපහාරයට ආරාධනා ලැබූ මුන්නැහේ ඒ කාරිය සඳහා තෝරාගැනීම තමයි කතාවෙ මාතෘකාව වුණේ. ඒ ගැන අදහස් දක්වපු ප්‍රබල දේශපාලන චරිත දෙක තුනක්ම කතා කළේ සතුටින් නොවන බවයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කළේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00