2019 මැයි 25 වන සෙනසුරාදා

ඔය කතා එපා...

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 537

ආණ්ඩුවෙ ලොකුම පට්ටමක් දරන මහත්තයෙක් මැංගුස්ටින්වලට ප්‍රසිද්ධ පළාතකට ගිහිල්ල ලොකු නිලධාරි හමුවක් පැවැත්තුව... ඒ හමුව තිබුණෙ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ පළාතෙ ආරස්සාව අරව මේව ගැන කතා කරන්න...

මේ රැස්වීමට පළාතෙ මැති ඇමැති ගොල්ල වගේම ආණ්ඩුවෙ ඉහළම පට්ටම් දරන නිලධාරි කස්ටියත් ඇවිත් හිටියා. ඉතින් ඒ රැස්වීමෙදි පළාතෙ ආරස්සක රැකවරණ තර කරල කාටවත් කරදරයක් හිරිහැරයක් නොවෙන්න වැඩ බලාගන්න කියල කොළඹින් ගිය ආණ්ඩුවෙ ලොකුම මහත්තයා කිව්වා.

මේ ත්‍රස්තවාදෙ ලෝක ත්‍රස්තවාදයක් බවත් ඒක පාලනය කර ගන්න අපහසු වූ හැටිත් උන්නැහේ කදිම ලෙස කතා කරමින් පෙන්නා දුන්නා. මේ ගැන ඉදිරියට කරන්න යන දේවලුත් කිව්වා...

ඔය කතාවෙන් පස්සෙ ආවෙ ප්‍රශ්න වාරෙ. පළාතෙ මැති ඇමැතිලා ජනතාව මේ ප්‍රශ්න වාරෙදි මුකුත් නොකියා ඉන්නකොට පළාතෙ ප්‍රසිද්ධ "ගමක" නමක් තියෙන හිටපු ඇමැති සයිස් මහත්තයෙක් නැගිට්ට. පසුගිය කාලෙ ගෝඨ උන්නැහේටත් සෑහෙන ප්‍රහාර එල්ල කරපු මුන්නැහේත් එතන හිටපු ලොකු මහත්තුරුන්ගෙ පාටියම නියෝජනය කරන පොරක්...

"සර් මෙහෙම කිව්වට තරහා වෙන්න එපා... දැන් සර් ඔබතුමාලා කියන දේවල් රටේ ජනතාව කිසි කෙනෙක් පිළිගන්නෙ නැහැ... ඒ නිසා ඔය කතාවලින් අපට පලක් නැහැ..."කියමින් සුපුරුදු ප්‍රහාරය පටන් ගත්ත. එතන හිටපු කවුරුවත් ඒකට උත්තර බඳින්න සූදානම් වුණෙත් නැහැ...

උන්නැහේ මේ ප්‍රහාරය එල්ල කරල නැවතුණා. සමහර නිලධාරි පළාතෙ ආරස්සාව තර කරන්න කරපු වැඩ ගැන කිව්වා... ඒත් ඒ ගැන කාගෙවත් අවධානයක් තිබුණෙ නැහැ... හැමෝම හිතුවෙ අරය කරපු කතාව ගැනයි... අන්තිමේ ප්‍රහාරක මන්තිරි තැන වේදිකාවෙන් බැහැල යන්න ගියා... සභා තොමෝ සතුටින් විසිර ගියා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00